සසෙක්ස් විදුහලට ක්‍රීඩාවෙන් රන් පදක්කමක්

0
127

මෙම වසරේ නොවැම්බර් මාසයේ  09 වන දින  වයඹ පළාත් ක්‍රීඩා තරග කුරුණෑගල මළියදේව  විදුහලේදී පැවැත්විණි. එම තරග වලදී   දුර පැනීමේ ඉසව් සදහා සහභාගී වූ වෙන්නප්පුව සෙලින්කෝ  සසෙක්ස්  විදුහලේ   ඩබ්. එම් චමුදි කවීෂා  පළමු ස්ථානයත් හා  රන් පදක්කමක් දිනා තිබේ. ඇය මෙම ජයග්‍රහය ලබා ගත්තේ වයස අවුරුදු 11 න් පහළ ඉසව් සදහායි.
එම තරගාවලියේදීම 11න් පහළ මීටර් 100 දිවීමේ තරගයෙන් 06 වන ස්ථානය සසෙක්ස් විද්‍යාලයේ ඩබ්.පී ප්‍රශාන් ප්‍රනාන්දු සිසුවා විසින් ලබා ඇත.  ඔවුන්ගේ ක්‍රිඩා පුහුණුකාරිය වන්නේ ආර්.එම්. චන්ද්‍රා කුමාරි මහත්මියයි.