සහරාන්ට පඩි ගෙව්වා ! කෙහෙලියගේ ප්‍රකාශය නිසා කතෝලිකයන් ඉදිරියේ ලංසා ගොළුවෙයි ! !

0
114

IMG_4732(11.55 am )මුස්ලිම් සහ බොදුනු ඡන්ද අහිමිව ගොස් ඇති නිමල් ලංසාට දැන් ඇති එකම පිළිසරණ කතෝලික ඡන්ද පමණි.
ඔහුට එරෙහිව ඇති විවිධ සාදචාර විරෝධි  චෝදනා නිසා කතෝලිකයන් අතරේ පවා දැවැන්ත විරෝධයකට පත්ව සිටි ලංසා පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමගින් පාර්ලිමේන්තුවේදි හඩමින් කුණුහරුප පවා කියමින් රංගනයක යෙදුනේ එය ප්‍රයෝජනයට ගෙන හෝ තමන්ට අහිමිව ගොස් ඇති ඡන්ද පදනම යළි හදාගැනිම සදහා යළිත් වරක් උත්සායක යෙදිමටය..ගම්පහ දිස්ත්‍රික්කය තුල පොහොට්ටු දේශපාලකයන් වැඩිප්‍රමාණයක් නිමල් ලංසාත් සමගින් දැන් අමනාපය.ඒ නිසාම ගම්පහ පුරාවටම දැන් ලංසා අවලංගු දේශපාලන කාසියක් බවට පත්ව හමාරය.මේ පසුබිම තුල
කෙහෙළිය රඹුක්වැල්ල විසින් සහරාන්ට පඩි ගෙවු බවට කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයත් සමගින් දැන් වැඩියෙන්ම අසරණ වි ඇත්තේ නිමල් ලංසාය. ඒ ඔහුගේ කඳුළු රංගයන තවදුරටත් කරගෙන යාමට ඇති ඉඩකඩ දැන් අහිමිව ගොස් තිබිම නිසාය.
මුස්ලිම් අන්තවාදින්ගේ තිරිසන් ප්‍රහාරයන් හේතුවෙන් මිගමුවේ කතෝලික ජිවිත 120 ක් පමණ අහිමිව ගොස් 170ක් පමණ තුවාල ලබාතිබුණි.ඒ ප්‍රහාරයට ඊයේ දිනයට මාස 5 ක් පිරුණි.
කෙහෙළියගේ හෙළිදරව්ව සිදුකර තිබුනේ පස් මස පිරෙන්නට දින කිහිපයක් තිබිදිය.