සහෝදර දේශපාලකයෙකුගේ සංවිධායකධුරය උදුරාගත් කාවින්දට මහමැතිවරණයේදි මිගමුවෙන් මතක හිටින පාඩමක් !

0
94

roies-came--1024x599රොයිස් විජිත යනු මීගමුව දේශපාලනන ඉතිහාසය තුල ඉතාමත් අමාරු කාලයක ආසනය ශක්තිමත්ව ගොඩ නගා කෝටි ගණනින් මුදල් වැයකළ ලංසා මෙන්ම ඇමතිධුර දැරු සරත් ගුණරත්නවද එක මිටට තබා දැවැන්ත ලෙසින් පරාජයට පත්කිරිමට කටයුතු කළ ආසන සංවිධායකවරයාය.

දයාන්ගේ ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාවගේ ඡායාරුපයක්


එපමණක් නොව පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මීගමුව මහනගර සභාව එජාප පාලනය යටතට ගැනිම වෙනුවෙන් සිය පළාත් සභා මන්ත්‍රිධුරය පවා පුජා කරමින් තරග කොට කොට්ටාශ 29 න් 19 ක් ජයගත් ආසන සංවිධායකවරයාය.
එහෙත් ලංසා පවුලේ කප්පම් දේශපාලනය විසින් මිගමුවේ ජයග්‍රහණය උදුරාගෙන තිබුණි.
මේ පසුබිම තුල රොයිස් විජිත විසින් පක්ෂය වෙනුවෙන් ආසනය වෙනුවෙන් කරන ලද කැපකිරිම් හමුවේ අවසානයේ ඔහුට ඉතිරිවුයේ  මීගමුව මහනගර සභාවේ විපක්ෂධුරය පමණි.
එය එසේ වුයේ කාවින්ද ජයවර්ධන නැමැති දේශපාලකයා විසින් ජාඇලින් තමන්ට නොලැබෙන ආසන සංවිධායකධුරය මීගමුවේන් හෝ ලබාගන්නවා යැයි පක්ෂයාට තග දමා සහෝදර දේශපාලකයෙකුගේ ආසන සංවිධායකධුරය බලහත්කාරයෙන් ලබාගත්  ගැනිම හේතුවෙනි.
දැන් එය මිගමුවේ මෙන්ම කාවින්දගේ දේශපාලන ජිවිතය තුලද කළු පැල්ලමක් ලෙසින්  ලකුණු වි හමාරය.
එපමණක් නොව පක්ෂය වෙනුවෙන් දැවැන්ත කැපකිරිමක් කරන ලද සගයෙකු දේශපාලනිකව අසරණ කරමින් ඒකි සංවිධායකධුරය ලබාගැනිමට තරම් කුහකවිම පිළිබදව දේශපාලනය ගැන තතු දන්නා ගම්පහ දිස්ත්‍රික් එජාප දේශපාලකයන්ගේ නොමද පිළිකුලට දැන් කාවින්ද පත්වි හමාරය.
මේ සියල්ල තුල මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තුලදි කාවින්ද ජයවර්ධන වැනි අයෙකුට සිදුවනු ඇත්තේ ආසන සංවිධායකධුරයක් ලබාගැනිම වෙනුවෙන් තම සහෝදර දේශපාලන සගයෙකු අසරණ කල පාපයට වන්දි ගෙවිමටය.
එනම් මිගමුවේ නාගරික ම්න්ත්‍රි මණ්ඩලය මෙන්ම මීගමුවේ එජාප ක්‍රියාකාරින්ද ගම්පහ දිස්ත්‍රික එජාප දේශපාලන ක්‍රියාකාරින්ද මේ පිළිබද වඩාත් සාධාරණ ලෙස කටයුතු කරනු ඇති බව දැනටමත් පෙනෙන කරුණක්ව තිබේ.
මේ දේශපාලන ඉරණම ආපස්සට හැරවිමට ඔහු වටා මිගමුවේදි එක්රැස්වි සිටින ගමේ භාෂාවෙන් කියන්නේ නම් මෙලෝ රහක් නැති අපත රැළට කාවින්දව බේරාගැනිමට නොහැකි වනු ඇත.
වත්මන් එජාප ආසන සංවිධායකවරයාගේ  මේ කුහක ක්‍රියාව නිසා  ඉදිරි මාස 6 තුල කාවින්දගේ දේශපාලන ඉරණම යනු කුහකකමට ලැබෙන දේශපාලන දඩුවමක් බව දැන් ඉතා පැහැදිලි යැයි මිපුර අමතා කියා සිටියේ නම හෙළිකිරිමට අකැමැති වු එජාප නාගරික මන්ත්‍රිවරයෙකු විසිනි.