සහෝදර බැදීම නිසාම ඇතිවන සැකය.

0
978

ජෝ සහ ජෝ (Jo & Jo) කේරලයේ සාමන්‍ය  පවුලක   ජෝමන් නම් වූ අක්කා සහ ජෝමාල්  නම්වූ මල්ලී අතර  සහෝදර බැදීම් තුළ ඇතිවන සුන්දර හැලහැප්පීම් පිළිබඳව  කතාවයි.

ඕනෑම සටකපට කමක් කරන තම පුතාට එකවර යකින්නියක්සේ කීපී දඩුවම් කර පසුව අසීමිත සැලකුම් සහ ආදරය දක්වන අම්මා කෙනෙකි. 

received 691600596374692
received 3204330019871383
received 2385986981596361
received 579991247623952

සැමවිටම තම දියණියගේ පැත්ත ගන්නා, එහෙත් පුතුටද එක ලෙසම ආදරය කරන තාත්තා කෙනෙකි. 

තම මිණිබිරිය ඉදිරියේදී ඇය සමගද, මුණුබුරා සමග සිටින විට ඔහු සමගද සිටින ආච්චි කෙනෙක් සහ පුතාගේ දඩබ්බර සමවයසේ යාළුවන් දෙදෙනෙකු වටා දිව යන අතිශයින්ම සුන්දර මලයාලම් චිත්‍රපටයකි “ජෝ සහ ජෝ.”

received 902985797892826
received 1432924567437359

හදිසියේම නිවස ඉදිරියේ ඇති ගේට්ටුව අසල දමා යන ආදර හසුනකි. ලිපිය  අමතා ඇත්තේ  ආදරණීය ජෝ ට.  මල්ලී අතට පත්වන මෙය තම අක්කාට එවනු  ලැබූ ආදර හසුනක් යයි මල්ලී සැකකරයි. කේන්තියෙන් හසුන පොඩිකර මල්ලී එය ගේට්ටුව අසල දමා යන අතර එය අක්කාගේ අතට පත්වේ.  

එය  මල්ලීට එවන ලද ආදර හසුනක් යයි අක්කා  සැකකරයි.  

මල්ලිගේ එක් යාළුවෙක් අක්කා කෙරෙහි පිළිබඳ සිතක් ඇති කරගෙන සිටි. අක්කා ගෙදර නිවසේ තරුණ දරු දැරියන්ට අතිරේක පන්ති පවත්වන අතර එසේ පැමිණෙන දැරියක් මල්ලී කෙරෙහි විශේෂ උනන්දුවෙන් සිටියි.

එකිනෙකාට හොරෙන් අක්කාද, මල්ලී තම යාළුවන් දෙදෙනා සමග එකතුවී කරනු ලබන සුන්දර රහස් පරීක්ෂක මෙහෙයුමක් සහ ඒ සමග ඇතිවන ගැටුම් දාමයක්  සුන්දර සිනමා පටයක් ලෙස තිරය මත ප්‍රක්ෂේපණය  කිරීමට “ජෝ සහ ජෝ” තිර පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා සමත් වී ඇත.

පවුලක් තුළ  එදිනෙදා සිදුවන සිදුවීම් සහ දඩම්බර තරුණයන් තිදෙනෙකුගේ දෛනික ක්‍රියාවලියන් කාව්‍යමය ලෙස චිත්‍රපටයේ කතාවට  යා කරමින්  ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමට චිත්‍රපටයේ කතා රචකයා සමත් වී ඇති අතර අතිශයින්ම තාත්වික ආකාරයට  කතාවට ඇතුලත්  කර ගැනීමට චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ගෙන ඇති උත්සාහය සාර්ථක වී ඇති බව කිව හැක.

අක්කා සහ මල්ලි අතර මෙන්ම දෙමව්පියන් සහ දරුවන් අතර සහ යහළුවන් අතරද  ඇතිවෙන විවිධාකාරයේ ගැටුම් වලට මූලික හේතුව වන්නේ  තම තමන්ට දක්වන අසීමිත ආදරය නිසා බව චිත්‍රපටය අවසානයේදී ප්‍රේක්ෂකයා අවබෝධ කර ගනී. 

මෙය ඕනෑම වයස් කාණ්ඩයක ප්‍රේක්ෂකයන් පිරිසකට එක සමාන ලෙස රසවිදිය හැකි  සිනමා නිර්මාණයකි.

අරුණ ශාන්ත නෝනිස් 
අශානෝ 
2023.12.26.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here