ස්ටාලින්: ලංකාවේ වීදි සටනේ සංකේතය හෙවත් තරුව​

0
86

සෝවියට් දේශයේ ජෝසෆ් ස්ටාලින් නම් මට පෙන්නන්න බැරිය​, එහෙත් ලංකාවේ ජෝසෆ් ස්ටාලින් නම් ආදරණීය මිතුරෙකි, සටන් සගයෙකි. අඩුතරමින් 1991 සිටවත් අඳුනමි. ප්‍රේමදාස රෙජීමයේ දුර්දාන්ත පාලනයට එරෙහිව කල නොයෙකුත් වීදි සටන්වල සිට ලංකාව අතහැර ඒමට සිදුවූ 2009 දක්වා අප මධ්‍ය නිදහස වෙනුවෙන් කල සෑම සටනකටම පාහේ නිර්ලෝභීව පමණක් නොව බොක්කෙන්ම සහය වූවෙකි ස්ටාලින්. අප නැති වුවද ඒ මර්ධනකාරී රාජපක්‍ෂ පාලනයට එරෙහි සෑම මහපාරේ සටනකම පෙරමුණේ සිටිනවා ඊයේ නීතියට පිටින් අත්තනෝමතික ලෙස පොලිස් බස් රථයක නංවාගෙන බලහත්කාරී නිරෝධායනයට ගෙනයන තෙක් දැකගත හැකිවිය​.

ඔහුට බලයේ සිටින්නේ මොන පක්‍ෂයද යන්න කවදාවත් වැදගත් වූයේ නැත. මර්දනයට, අයුක්තියට​, අසාධාරණයට විරුද්ධව හැකි පමණින් සටන් කිරීම ඔහුගේ ගතිය විය​. ඔහු කල්ලිවාද කණ්ඩායම් වාද තකන්නෙක් නොවේ, සටන කොතනද ඔහු එතනය​. එක වාක්‍යයකින් ඔහුව හඳුන්වන්නට කීවොත් මා කියන්නෙ “ලංකාවේ වීදි සටනේ තරුව​” කියාය​. එහෙමත් නැත්නම් “ලංකාවේ වීදි සටනේ සංකේතය​” කියාය​.

ඔහු නැති පිකට් එකක මට නම් කිසි ගතියක් දැන්නේ නැත​, ඒ සටන්කාමි හඬ පිකට් ලයින්, පෙලපාලි වල අධිපති හඬ බවට පත්වීමට ගතවන්නේ සුලු මොහතකි. ඒ සටන්කාමියා ප්‍රාථමික පන්තිවලට උඟන්වන කරුණාබර මිනිසෙකි. ගුරු වෘත්තීය සමිති නායකයෙකි. මේ පොලිස් බලහත්කාරයට පොලීසියට වන්දි ගෙවන්නට වෙන දවසක දුර නැත​. “ස්ටාලින් ඇතුලු බලහත්කාර නිරෝධානයට රැගෙන ගිය සියලු සටන්කරුවන්/කාරියන් ගෙදර ඇරපං” කියා යුක්තිය සාධාරණය අගයන සියල්ල ලෝකෙටම ඇහෙන්න හඬ නගා කිවයුතුය​. මගේ කොටස ඊයේ හවසම කරල දැම්ම​. සුලුවෙන් හරි දෙයක් නොකලොත් එය ඔබේ හෘදයට වද දෙන්නක් වේවි!

(උවිඳු කුලකුලසුරි⁣යගේ ෆේස්බුක් පිටුවෙනි)