ස්ත්‍රි දුෂක ව්‍යාපාරිකයාට එරෙහිව මීගමුවේදි අදත් විරෝධතා!

0
121

women protest 1මීගමුව දළුවකොටුව ප්‍රදේශයේ අසරණ කම්කරු කාන්තාවක් දුෂණය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සල්ලිකාර ව්‍යාපාරිකයෙකුට එරෙහිව ලක්බිමේ මව්වරු හා දියණියෝ සංවිධානය විසින් මීගමුව උසාවි සංකිර්ණය ඉදිරිපිටදි විරෝධතාවක් සංවිධාන කර තිබුණි.මෙකි ව්‍යාපාරිකයා  විසින් කොච්චිකඩේ ප්‍රදේශයේ වයස 22 පමණ වු එක්දරු මවක් දුෂණයට ලක්කොට තිබුණි.
ඇය පසුව පොලිසියට පැමිණිලි කොට රෝහල්ගතව තිබුණ අතර කොච්චිකඩේ පොලිසිය විසින් කියා සිටින්නේ ස්ත්‍රි දුෂණයක් සිදුව ඇති බවට පරවේෂණිය සාක්ෂිද සතු බවය.
කෙසේ වෙතත් අදාල  ව්‍යාපාරිකයා උසාවියට ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේ මීගමුව මහේස්‍රාත් අධිකරණයේ ඒ අවස්ථාවේ සිටි සියළු නීතිඥ මහතුන් සහ නිතිඥ මහත්මීන්  අදාල ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනි සිට ඇතැයි වාර්ථා වේ.
වාර්ථා වන අන්දමට අදාල ව්‍යාපාරිකයාගේ බිරිඳ නීතිඥවරියක බවද සැලය
මෙම ව්‍යාපාරිකයාගේ බිරිද නිතිඥයෙකු විම නිසා මිට පෙර පැවැති උසාවි දින සැම එකකදිම පාහේ එහි සියළුම නිතිඥ මහත්ම මහත්මින් මෙකි ස්ත්‍රි දුෂණ චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනි සිටින ලදි.
මෙසේ පෙනි සිටිම පැවැති සැම විරෝධතාවකදිම විවේචනයට ලක්ව තිබුණි.
ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ කැදවුම්කාරිනි ප්‍රදිපා මහත්මිය කියා සිටියේ විපතට පත්ව ඇති කාන්තාවකගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිතිඥ සහය ලබාදිමට තම එකමුතුව දිගටම ක්‍රියා කරන බවය.