ස්ත්‍රි දුෂක සැකකරු වෙනුවෙන් අදත් සියළු නිතිඥයන් නැගි සිටිති ! දැඩි ඇප කොන්දේසි මත සැකකරුට ඇප ?

0
50

922 හැවිරිදි එක්දරු මවක් දුෂණය කිරිම පිළිබදව චෝදනා ලැබ තිබෙන ධනවත් උළු මෝල් හිමියෙකු වෙනුවෙන් ඇප ඉල්ලා මහේස්ත්‍රාත් අධිකරණයේ සියළුම නිතිඥ මහත්ම මහත්මීන් නැගි සිටියේය
නිතිඥ මහතුන් දෙපලක් සහ නිතිඥ මහත්මින් දෙපලක් පමණක් මේ වෙනුවෙන් ඉදිරිපත් නොවි සිටිනු දක්නා ලදි .මේ නිතිඥ මහත්මින් දෙදෙනාගෙන් එක් අයෙකු සැකකාර ස්ත්‍රි දුෂකයාගේ බිරිඳ බවද සැලය.
සැකකාර දුෂකයා වෙනුවෙන් පෙනි සිටි 30 කට ආසන්න නිතිඥ මඩුල්ලක් ඉදිරිපත්කරන්නට යෙදුන කරුණුද ,විමර්ශන කටයුතු ප්‍රමාණවත් අයුරින් සිදුකර තිබිමත් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවිර වැලිවත්ත මහතා දැඩි ඇප කොන්දේසි මත සැකකරු වෙත අද ඇප ලබාදිමට නියම කළේය.
මුදල් ඇප රු 500000.00 ක් ,ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප 2 කක් , සැම තුන්වන ඉරුදින කොච්චිකඩේ පොලිසියේ පෙනි සිටිය යුතු බවටත් මෙහිදි නියම වු අතර කිසිදු ලෙසකින් සාක්ෂිකරුවන් හට කිසිදු තර්ජනයක් බලපෑමක් නොකළ යුතු බවටද නියෝග ලබා දුණි.
කෙසේ වෙතත් නිතිඥ මඩුල්ල කරන්නට යෙදුන ඉල්ලිමක් වු අදාල ව්‍යාපාරිකයාගේ අධිසුඛෝපහෝගි රථය මුදා හැරිම ප්‍රධාන මහෙස්ත්‍රාත්තුමන් විසින් ප්‍රතික්ෂේප කර සිටියේය.
මීළග නඩු විභාගය ජුනි මස 29 යෙදි ඇත.4