ස්ථිර රැකියාවක් නැති මිගමුවේ මන්ත්‍රිලාත් දැන් සල්ලිකාරයෝ …..?

0
83

MC-2-e1530758211220මීනිසුන් ජිවත්විම සදහා කුමන රැකියාවක් කරති. එහෙත් මිගමුවේදි එහි යම් විශේෂත්වයක් තිබේ.එනම් මිගමුවම පාලනය කරන මහනගර සභාවේ බහුතරයක් නාගරික මන්ත්‍රිලාට අප දන්නා තරමින් ස්ථිර රැකියාවක් නොමැතිවිමය.
එහෙත් මේ බහුතරයක් දෙනා අද වන විට හොද සල්ලිකාරයන්ය.
මෙහි පළමු උදාහරණය නගරාධිපතිවරයාය.
අප දන්නා තරමින් ඔහු පසුගිය කාලය තුල කිසිදු රැකියාවක් හෝ ව්‍යාපාරික කටයුත්තක් කළ අයෙකු නොවේ.
පවුල් පසුබිමෙන් ගත්තද සල්ලිකාර දේපල හිමි පවුලක්ද නොවේ.
එහෙත් දැන් ඔහුත් කෝටිපතියෙකි.
පදිංචි නිවස පමණක් රු කෝටි 3 න ඉක්මවු එකක් බව ප්‍රකට කරුණකි.
නගරාධිපතිවරයාගේ පටන් අතිබහුතරයක්  දෙනා සිය ජිවන පැවැත්ම මේ වන විට සකසා ගනිමින් සිටින්නේ මහනගර සභාව කේන්ද්‍රකොට ගනිමින් සිදුකරමින් ඇති විවිධ වංගු ආර්ථික කටයුතු හරහාය.
මේ වංගු ගැසිම් කොයිතරම් නම් සරුසරාදැයි කියන්නේ නම් කෝටිපතියන් බිහිකර සුපිරි නිවාස තනා දි රැකියා අහිමි දේශපලාකයන්ට සුරවිමනක් තනා දි තිබේ. අපට අසන්නට ඇත්තේ මේ ගැන මිගමුවේ බදුගෙවන ජනයා ආඩම්බරයිදැයි කියාය