ස්මාර්ට් හැදුනුම්පතක් ජුනි මස අග සිට…

0
126
image_1491274763-f004e6c432
දැනට භාවිතා කරන සාමාන්‍ය හැදුනුම්පත වෙනුවට ස්මාර්ට් හැදුනුම්පතක් ලබාදීම ලබන ජුනි මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී.වියානි ගුණතිලක මහතා පවසනවා. මෙසේ ස්මාර්ට් හැදුනුම්පතක් නිකුත් කෙරෙන්නේ පසුව ලබා දීමට නියමිත ඉලෙක්ට්‍රොනික් හැදුනුම්පතට ආරම්භයක් වශයෙනුයි.
ඒ අනුව 1972 සිට භාවිත කරන ලද සාමාන්‍ය හැදුනුම් පත, ස්මාර්ට් හැදුනුම්පතෙන් ප්‍රතිස්ථාපනය වනු ඇති. 1972 වසරේ සිට රටේ විවිධ අවශ්‍යතාවයන් අනුව විවිධ ආකාරයෙන් හැදුම්පත වෙනස් වූ බව පෙන්වා දෙන කොමසාරිස් ජෙනරාල් මහතා පවසන්නේ තම දෙපාර්තමේන්තුව විසින් වයස අවුරුදු 15 වඩා වැඩි සියළුම පුරවැසියන්ගේ තොරතුරු එක්රැස් කර ඒවා පවුල් අනුව වර්ග කර ජාතික වශයෙන් ක්‍රියාත්මක වන රෙජිස්ටරයකට හා දත්ත පද්ධතියකට ඇතුලත් කරන බවයි. පුද්ගලයන්ගේ ජීව දත්තයන් හා ඡායාරූප ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව ලබා ගනු ඇති.
මේ ආකාරයෙන් පුද්ගලයන්ගේ ඡායාරූප හා දත්තයන් ලබා ගැනීම ජුනි මාසය අවසන් වන විට අවසන් කිරීමට කටයුතු කර ඇති බවද කොමසාරිස් ජෙනරාල් මහතා පවසනවා. මෙම ක්‍රියාවලියේ දෙවන අදියර වශයෙන් සෑම පුරවැසියෙකුගේම තොරතුරු දත්ත රෙජිස්ටරයකට ඇතුලත් කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා වන නීතිමය අවශයතාවයන් ලිබදව මේ වන විට කටයුතු කරමින් සිටින බවත් පවසන කොමසාරිස් ජෙනරාල්තුමා පවසන්නේ මෙහි තුන්වන අදියරය වශයෙන් ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත් නිකුත්කිරීම සිදුවන බවයි.
අළුතින්ම නිකුත් කිරීමට නියමිත මෙම ඉලෙක්ට්‍රොනික හැදුනුම්පතෙහි පුද්ගලයාගේ ජීව දත්තයන්,ඇගිලි සලකුණ,හා ලේ වර්ගයද ඇතුලත් වන අතර පළුදුවීම් හා ව්‍යාජවශයෙන් පිටපත්කිරීම් සිදුකිරීමට නොහැකි වන ආකාරයෙන් මෙම හැදුනුම්පත නිර්මාණය වී තිබීමද විශේෂත්වයකි.