“ස්වර්ණා ය : සිනමාවේ ගැහැණිය” චිත්‍රපට උළෙල ලබන 22 දා සිට 26 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී පැවැත් වෙනවා. ඒ ඇයගේ සිනමා දිවියට 50 වසරක් පිරීම නිමිත්තෙන්. සිය පනස් වසරක සිනමා දිවිය තුල ඇය චිත්‍රපට සිය ගණනක් රඟ පා නැහැ. එහෙත් තමා රඟපෑ සෑම භූමිකාවක් ම මතක හිටින භූමිකාවක් බවට ප්‍රේක්ෂක මනස තුල සනිටුහන් කරන්නට තරම් ඇගේ රංගනය බලවත්. තමා චරිතයට පිවිසෙනවා වෙනුවට තමා තුලට චරිතය අවශෝෂණය කර ගැනීම ඇගේ රංගන සාර්ථකත්වයේ රහසයි. ඇය රඟපෑමට කෑදර නැහැ. ඒ නිසාම තමන්ට හමුවෙන හැම කුණුගොඩක් ම රඟ පෑම කියලා බාර ගන්නේත් නැහැ. ඈ තම පනස් වසරක සිනමා දිවියේ වසර 23ක් ම රඟ නොපා සිටියා. ඇය අහංකාරයි. ලාබෙට විකිනෙන්නේ නැහැ. ඇගේ ඒ අහංකාරකම ට අපි ආදරෙයි. මිලක් නියම වෙන්නේ ගැහැණු ශරීර වලටයි. රංගනයෙන් පරිබාහිරව නිළියක ගේ වෙළඳ වටිනාකම කියලා කියන්නේ ඇගේ ශරීරයට නියම වන මිලයි. සබන් කැටයකට, දුරකථන ජාලයක ට හෝ වෙන ඕනෑම පාරිභෝගික භාණ්ඩයකට අමුනන්නේ ඒ වටිනාකම. වයසට යනවිට ඒ වටිනාකම ක්ෂය වී යනවා තමයි. එත් වයස අවුරුදු 17 තරම් හිරිමල් වයසේ රංගනයට පිවිස පනස් වසරක් තිස්සේ තම රංග ජීවිතය පුරා ඇය එකතු කරගත් වටිනාකම මිල කරන්න බැහැ. ඒකට මිලක් ගෙවන්න කාටවත් පුළුවන් කමකුත් නැහැ. අප හිතුවේ ඇයව අගයන්නයි. දශක 5 ක් තිස්සේ අපව පිනවූ ඒ රංගන ප්‍රතිභාවට කෘතවේදීත්වය දක්වන්නයි. ඇයට ගෙවන්න නෙවෙයි. අනුග්‍රහයක් හෙවුවේ ඇගේ චිත්‍රපට නොමිලේ ප්‍රේක්ෂයින්ට පෙන්වන උළෙල හැකි තරම් විචිත්‍රවත් ලෙස කරන්න යන වියදම හොයාගන්න. ඔවුන් වෙළඳ වාසියක් නැහැ කිවුවේ ඒ කෘතවේදීත්වය දැක්වීමේ සද් කාර්යයෙහි යි.
අශෝක හදගමගේ මුහුණු පොතෙනි.