පළාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් දින 10ක තරම් කෙටි කාලයකි.මිගමුවට මේ මැතිවරණය වැදගත් වන්නේ දශක දෙකකටත් වැඩි පවුල් දේශපාලන ය මිගමුවේ නගර පාලනයෙන්ද අතුගා දැමිමට ඇති තිරණාත්මක අවස්තාව මෙය වන නිසාය.
මෙවර මිගමුව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධින කණ්ඩායම් 10ක් තරඟ වැදිමට නියමිතය.
මෙම ස්වාධීන කණ්ඩායම් වලින් 7ක්ම සෘජු වක්‍ර ලෙසින් ලංසා පවුලට සම්බන්ධ ඒවා බව ප්‍රකට කරුණකි.
එජාප හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන සුමිත් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු ග්‍රැමපෝනයෙන් තරඟ වදින කණ්ඩායම , හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වන සකාවුල්ලාගේ නායකත්වයෙන් බැට් එක ලකුණෙන් තරඟවදින ස්වාධීන කණ්ඩායම සහ ගයාන් මදුමිහිරගේ නායකත්වයෙන් ඇපල් ගෙඩියෙන් තරඟ වදින තරුණ නියෝජනයක් සහිත කණ්ඩායම් තුන ඉතා පැහැදිලි ලෙස ලංසා විරෝධි කණ්ඩායම් ලෙස සැලකේ.
ඒ අනුව අනික් කණ්ඩායම් 7තම ලංසා පවුලට විවිධාකාරයෙන් සම්බන්ධව සිටින බව දැන් ප්‍රකට කරුණක් ලෙස පවති.