ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

0
72

Upul_Sudharshanaකොළඹ දී පැහැරගෙන, තර්ජනය කරන ලද බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි උපුල් කුමාරප්පෙරුම හා සුදර්ශන ගුණවර්ධන යන නීතිඥයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ලවී ඇත.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී නීතිඥ උපුල් කුමාරප්පෙරුම පැවසුයේ තම විසින් ඉටුකරන්නේ සමාජ වගකීමක් මෙන්ම නීතිඥයකු ලෙස පැවරී ඇති රාජකාරියක් බවයි.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම ජනතා විමුක්ති පෙරමුණේ හිතෛෂියකු වන අතර පසුගිය මහ මැතිවරණයේදී එම පක්ෂයේ ජාතික ලැයිස්තුව ද නියෝජනය කළ අයෙකි.

මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නීතිඥ සුදර්ශන ගුණවර්ධන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙසද කටයුතු කල අයකු වන අතර රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටිය දී අගමැතිවරයා යටතේ ක්‍රියාත්මකවූ ආයතනයක ප්‍රධානියකු ලෙස ද ඔහු සේවය කළේය.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක නොවැම්බර් 25 වෙනි දින හඳුනානොගත් පිරිසක් විසින් පැහැරගනු ලැබ බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බවට ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට පැමිණිලි කිරීමත් සමඟ පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව එම කාන්තාව කිසියම් පහරදීමකට හෝ ලිංගික අතවරයට භාජනය වී තිබේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත දුන් නියෝගයක් අනුව එම ස්ථානයට රැගෙන ගිය අදාල කාන්තාවගේ ජයාරූප ගැනීමට හා වීඩියෝ කිරීමට ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කළ ආකාරය ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ බලවත් විරෝධයට හේතුවී ඇත.

ඒ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.

මාර වීරත්වයක් හා ගවේශණයක් !

මාර වීරත්වයක් හා ගවේශණයක් කරල තියෙන්නෙ! කොහොම හරි පින්තූර කෑල්ලක් අරන් දාල. ලසන්තගෙ බොඩිය ගොඩ ගන්නකොට ඒක පින්තූර ගන්න දුන්නෙ නැහැ කියල නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රෙස් රිලීස් ගැහැව්ව, රෙනෝ ඩ්‍රෝන් රෙකෝඩින් කරන්න හැදුව. ලජ්ජා සහගත වැඩ!

ඔය සමාජ මාධ්‍ය වගේ ඒවගෙ කරන නිරාවරණත් නවත්වන්න අපි වැඩ කරන්නෙ. මාධ්‍ය, ඒ කියන්නෙ වෘත්තීය මට්ටමෙන් මාධ්‍යවේදයේ යෙදෙන අය, ඇයි මෙහෙම කරන්නෙ? පුද්ගලිකත්වයට, ශෝකයට ඉඩක් නැද්ද? ඇයි ඒ “අතවරයකට ලක්වුනයි කියන” කාන්තාවගෙ පින්තූර පෙන්නන්නම් ඕනෙ? ඇයි පරීක්‍ෂණය කර ගන්න දීල එහෙම එකක් වෙනව, එයා කට උත්තර දෙනව කියල කියන්න බැරි?

මේක NOKIA ඇඩ් එකක් ක්ලික් කිරීමෙන් වැඩක් නැත. NOKIAත් මේ වගේ ප්‍රවෘත්ති ඒක්ක ads දැමීම ගැන තීරණයක් ගත යුතුය
theleader.lk