ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනිම ලොකු අර්බුදයක් නිර්මාණය කරයි !

0
101

Screenshot_20191128_063716කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ලාංකික නිලධාරිනියක් පැහැරගෙන ගොස් හිරිහැරයට ලක් කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ විදේශ අමාත්‍යංශය එරට ලංකා තානාපති ඒ.එල්.ඒ. අසීස්ගෙන් කරුණු විමසා ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී නිශාන්ත ද සිල්වා ස්විට්සර්ලන්තයට පිටත්ව යාම සම්බන්ධයෙන් මෙම පැහැරගැනීමෙන් පසුව එම ලාංකික නිලධාරිනියගෙන් ප්‍රශ්න කරමින් ඇය හිරිහැරයට ලක්කර ඇත. ලංකාවේ ස්ව්ස් තානාපති කාර්යාලයේ නිලධාරිනියකට මෙවැනි භයානක ආකාරයේ හිරිහැර සිදු කළේ කුමන අරමුණකින්ද යන්නත් එහි ඇති සබඳතා පිළිබඳවත් ස්විස් විදේශ අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් සහ එකඟතා තිබියදී තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගොස් තානාපති කාර්යාල තොරතුරු සම්බන්ධ ප්‍රශ්න කිරීම ස්විස් රජයේ අවධානයට ලක්ව තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසත් වහාම විමර්ශනයක් පවත්වන ලෙසත් මෙම සිදුවිමට වගකිවයුතු පුද්ගලයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ස්විට්සර්ලන්ත රජය එරට සිටින ලංකාවේ තානාපතිවරයා හරහා ලංකාවේ ආණ්ඩුවට දැනුම් දී ඇත.මේ අතර බරපතල ප්‍රශ්ණය පිළිබදව අගමැති මහින්ද රාජපක්ෂව මෙන්ම විදේශ කටයුතු ඇමති දිනේශ් ගුණවර්ධනවද දැනුවත් කර ඇතැයි වාර්තාවේ.මෙම සිදුවිම දැනටමත් විදේශ රටවලද බරපතල අවධානයක් යොමුව ඇති බව සැලය.සුදු වෑන් වලින් ක්‍රියාකාරින් ඉස්සිම පිලිබදව කුප්‍රකට ඉතිහාසයක් ඇති රාජපක්ෂ රෙජීමය විසින් බලයට පත්විගසම මේ නැටු සුදු වෑන් නාඩගම රාජපක්ෂ රෙජීමය⁣ට එරෙහිව දැවැන්ත ජාත්‍යන්තර විරෝධයක් නිර්මාණය කරනු නියතය.