සාකච්ඡා අසාර්ථකයි – දුම්රිය වර්ජනය තවදුරටත්

0
149
badulla Railway station sri lanka (6)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති 12ක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.වැටුප් විෂමතා ගැටළුව සදහා මෙතෙක් විසදුම් ලබානොදීම හේතුවෙන් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කල බවයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් සංගමයේ ලේඛම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කරන්නේ.
දුම්රිය රියදුරු සහායක බඳවාගැනීම් ගැටලුවක් මුල් කරගනිමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් සංගමයේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කල අතර දුම්රිය පාලකවරුන්, නියාමකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති 12ක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කලේ වැටුප් විෂමතා ගැටලුවක් මුල්කරගනිමින්.