සාක්ෂිකරුවන් විසින් පෙරට්ටුවේදී, මීගමුව HQI හදුනා ගැනේ. ඇප ඉල්ලූම ප‍්‍රතික්ෂේපයි.

0
49

කොළඹ, කොහුවල ප‍්‍රදේශයේ හිටපු උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවසින් සොරකම් කරන ලද මැනික් ගල් , රන්භාන්ඩ තොගයක් සහ ලක්ෂ ගණනක මුදල් නඩු භාන්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර අයුතු ලෙස තමන් සන්තකයේ තබා ගැනීමත් , සාවi පරිහරණයත් යන චෝදනා එල්ලවී ඇති සෝමසිරි ලියනගේ නැමැති මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව පසුගිය සැප්තැම්බර් මස 15 දින හ`දුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලදී. ඒ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, අතිරේක මහේස්ත‍්‍රාත් ඩබ්ලි්‍යු . කේ . දුලානි එස්. වීරතුංග මහත්මිය ඉදිරියේදීය. එම හදුනාගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත් ව සිටි සාක්ෂිකරුවන් තිදෙනා විසින් සැකකාර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව එහිදී හදුනා ගෙන තිබේ.
මෙම මැනික් ගල් , රන්භාන්ඩ තොගය සහ ලක්ෂ ගණනක මුදල් සොරකම් කල යුවල මීගමුවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදීත . එහිදී එම යුවල පොලිසිය භාරයේ තබා ගෙන සහ සිරකර ගෙන පහරදී ඔවුන් සන්තකයේ තිබූ එම ලක්ෂ ගණනක දේපල බලහත්කාරයෙන් ලබා ගෙන නඩු භාන්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් නොකර අනිසි ලෙස තමන් සන්තකයේ තබා ගෙන සාවi පරිහරණය කලේ යැයි මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙන්ම මීගමුව පොලිසියේ සේවය කල තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව මිරිහාන, විශේෂ පොලිස් විමර්ෂන ඒකකය විසින් ‘‘ බී ’’ වාර්තාවක් ම`ගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අමතරව එලෙස චෝදනා ලැබ සිටින මීගමුව පොලිසියට අනුයුක්තව සේවය කළ අනෙකුත් පොලිස් නිලධාරීන් තිදෙනා වන්නේ සැරයන් ගාමිණී සුගත් පේ‍්‍රමකුමාර , සැරයන් එච්.එම්. රත්නායක බන්ඩා සහ ආනන්ද රාජා නැමැති පොලිස් කොස්තාපල් වරයායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මීගමුව,  මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් නොවී අධිකරණය මග හිරිමින් සිටි අතර පසුගිය අගෝස්තු 29 දා ඔහු , ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න මහතා ගේ උපදෙස් මත කටයුතු කරන ජේ්‍යෂ්ඨ නීතිඥ මඩුල්ලක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් විය. ඒ අනුව රක්්ෂිත බන්ධනාගාර ගත කල  මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව හදුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඒ අනුව මෙදින (සැප්තැම්බර් 15 දා ) එම හදුනා ගැනිමේ පෙරට්ටුවෙන් පසු සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනාවම විවෘත අධිකරණයේදී අතිරේක මහේස්ත‍්‍රාවරිය හමුවට ඉදිරිපත් කරන ලදී.
මෙහිදී සැකකාර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න මහතා අධිකරණය වෙත කරුණු දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ වසර 34 ක නොකැලැල් සේවාවක් පොලිස් දෙපාර්තමේන්තුවට කර ඇති තම සේවදායකයා වෙත ඇප ලබා දීමට කටයුතු කරන ලෙසයි. එලෙසම ඔහුට චෝදනාව එල්ල වී ඇති වරද සම්බන්ධයෙන් ඇප අඥා පනත අනුව ඇප ලබා දීමට හැකියාවක් පවතින බවද ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න මහතා අධිකරණයට කරුණු දැක්වීය. එලෙසම සැකකාර සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීනිඥ ම`ඩුල්ල නියෝජනය කරමින් නීතිඥ ඉන්දික සිල්වා මහතා කරුණු දක්වමින් ප‍්‍රකාශ කලේ තමන් පෙනී සිටින සේවාදායකයින් තිදෙනා අධිකරණයේ අභිමතය අනුව  ඕනෑම ඇප කොන්දේසියකට යටත්ව ඔවුන් තිදෙනාව ඇප මත මුදා හරින ලෙසයි.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින මිරිහාන, විශේෂ පොලිස් විමර්ෂන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතා අධිකරණයට කරුණු දක්වමින් ප‍්‍රකාශ කලේ නීතිය හා සාමය රැුකීමට බැ`දී සිටින පොලිස් නිලධාරීන් ලෙස මෙම සැකකාර පොලිස් නිලධාරීන් සිව් දෙනාට චෝදනා එල්ල වී ඇත්තේ බලවත් වරදකට බවයි. අත්අඩංගුවට ගත් එම යුවළ බලහත්කාරයෙන් ර`දවා ගෙන පහරදී ඇති බැවින් නීතිපති හා රජයේ අධි නීතිඥවරයා මෙම සැකකරුවන් සිව් දෙනාට ඇප ලබා දීමට විරුචද්ධ වන ලෙස තමාට දැන්වු බවද සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතා එහිදී කරුණු දැක්වීය. තවද ඔහු වැඞ් දුරටත් ස`දහන් කලේ මෙම පොලිස් නිලධාරීන්ට ඇප ලබා දී මුදාහැරිය හොත් මහජන කැලඹීමක් ඇති වීමට පවා ඉඩ තිබෙන බවට කරුණු වාර්තා වී ඇති බවයි. එලෙසම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුවූ විවිධ සිද්ධීන් පිලිබ`දව තොරතුරු ලැබී තිබෙන බවත් ඒවා පිලිබ`දවද විධිමත් පරීක්ෂනයක් කල යුතු නිසා මෙම සැකකාර පොලිස් නිලධාරීන්ට ඇප ලබා දීමට විරුද්ධ වන බවද මිරිහාන, විශේෂ පොලිස් විමර්ෂන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතා පැවසීය.
P1090937ඉන්පසුව අතිරේක මහේස්ත‍්‍රාත්වරිය ස`දහන් කලේ සිද්ධියට අදාල විමර්ෂන කටයුතු මෙතෙක් සම්පුර්ණ නැති බැවින් සැකකරුවන්ව ඇප මත මුදා හැරීමට කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන බවයි. ඒ අනුව අතිරේක මහේස්ත‍්‍රාත්වරිය සිය නියෝගය ලබා දෙමින් පැවසුවේ මීගමුව, මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතු`ඵ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාව සැප්තැම්බර් 29 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එලෙසම පැමිණිලි පාර්ශවය වෙතද දැන්වුයේ එදිනට ( සැප්තැම්බර් 29 දිනට * මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන සිය`ඵ විමර්ෂන කටයුතු සම්පුර්ණ කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සැකකාර පොලිස් නිලධාරීන් වෙනුවෙන්  ජනාධිපති නීතිඥ රියන්සි අර්ශකුලරත්න මහතා සහ ඉන්දික සිල්වා , දීපාල් පෙරේරා ඇතු`ඵ ජේ්‍යෂ්ඨ නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.