සාක්ෂි නැතිව රොයිස්ට එරෙහි නඩුව නැවත කල් යයි !

0
107

රොයිස් 1

පුද්ගල  පැහැරගැනීමක්  සහ  පහරදීමක්  සම්බන්ධව  සැකපිට  අත්අඩංගුවට  ගත්  එ.  ජා. ප.   හිටපු  සංවිධායක  රොයිස්  විජිත  ප්‍රනාන්දු    මහතාට  එරෙහි  නඩුව    අද මහේස්ත්‍රාත් අධිකරණයේදි  විභාගයට  ගන්නා  ලදී.
මෙම  නඩුවේදී  පරස්පර  කරුණු  දැක්වීම්  පැමිණිල්ලෙන්  ඉදිරිපත්වූ  නමුත්  රොයිස්  මහතාට  ඇප  ලබාදීමක්  සිදුනොවීය.

පැමිණිල්ලේ  කරුණු  දැක්වීම්  වලට  අනුව  ගිනිඅවියක්  වැනි  දෙයක්  යොදා ගත්  බව  පොලීසිය   පවසයි.  මුහුණ  ආවරණය   කරතිබුනු  බව  කියන  පැහැර  ගැනීමට  ලක්වූ  පුද්ගලයා    එය  නොදුටු  බවත්  ,   තමන්ගේ  ඇඟට යමක්  තබා  තදකල  බවත්  ප්‍රකාශකරයි.
මේ  ගැන  සඳහන් කරමින්   විත්තියේ  නීතීඥ  දන්ත  නිරංජන්   මහතා අද දිනයේදිත් අවධාරණය කර සිටියේ පොලීසිය  බොරු  කියන  බවත්, රොයිස්  මහතා  වැනි  පුද්ගලයෙකු  මෙයට  පැටලැවීමේ  අවශ්‍යතාවයක්  සමහර  අයට  තිබෙන  බවත්  පෙන්වා  දෙමිනි.
අද  දිනයේදීත්  ඔහු  මතුකළ  ප්‍රධාන  තර්කය   වූයේ  කිසිදු  සාක්ෂියක්  නැතිව  රොයිස්    මහතා  අත්අඩංගුවේ  තබාගන්නේ  කෙසේද?  කියාය.

අද  සාක්ෂි  දීමට  පැමිණි පැහැරගැනීමට  ලක්වූවායැයි  කියන   ව්‍යාපාරික  මහතා  ප්‍රකාශකළේ  තමන්ගේ  මුහුණ  ආවරණය  කර  පහර දුන්  බවත්, එසේ  පහරදුන්නේ   අත්අඩංගුවේ  සිටින  අනෙක්  4  දෙනා බවත්ය.  මෙහිදී  නිධානයකින්  ගත්ත  සල්ලි  ගැන  ඇසුවේද?   යන  ප්‍රශ්ණයට  ඔහු  ඔව්    යනුවෙන්  පිළිතුරු  දුන්  අතර  නිධානයකින්  සල්ලි  ගත්තේද?  කියා  ඇසූ  විට  නෑ  යනුවෙන්  පිළිතුරු  දෙන ලදි.

එසේම  මේ වනවිට  නඩුව  අස්කර  ගන්නැයි  කියා   දුරකතනය  මගින්   තර්ජනය  කරන  බව කටාන  පොලීසිය  සඳහන්  කරන  නමුත්  මේ  කිසිවක්  නිශ්චිත  සාක්ෂි  ලෙස  ඉදිරිපත් කිරීමට  අද දිනයේදිද ඔවුන්  සමත්  වී  නැත.  කරුණු  දැක්වීම්  තුළ  පැවති  පරස්පර බවත්,   කිසිදු  සාක්ෂියක්  ඉදිරිපත් කිරීමට  නොහැකිවීමත්  හොඳින්  පෙනෙන්ට  තිබින.
මේ  අනුව  නඩුව  මෙම  මස  31වනදා  තෙක්  කල්ගිය  අතර   රොයිස්  මහතා   නැවත  වරක්  බන්ධනාගාරගත කරන  ලදී.