නගරාධිපති දයාන් ලංසා උගත් රාජ්‍ය නිලධාරින්ට යළිත් තග දමයි !

0
173

dayan 1මන්ත්‍රිවරු  දේපාර්තමේන්තු ප්‍රධානින් සහ අංශ ප්‍රධානින් අතර හමුවක්  නගර සබාවේදි අද පැවැත්විණි. මෙම රැස්විමට පැමිණ සිටි රාජ්‍ය නිළධාරින් අතර අධිශ්‍රේණියේ ගණකාධිකාරිවරියකද විය.
මේ සියළු දෙනා හමුවේ  නගරාධිපති දායන් ලංසා අධිශ්‍රේණියක ගණකාධිකාරිවරියට කියා ඇත්තේ මම කියන විදියට වැඩකරන්න ඕනා. ඇස්තමේන්තු ගණුදෙණු පස්සේ බලාගන්න. ඔයාට නගර සභාවල වැඩ ගැන අත්දැකිම් නැතිව ඇතැයි කියමින් තග දමා ඇත.
මෙහි අරුමය වන්නේ පාර්ලිමේන්තු රේඛිය අමාත්‍යංශවල පවා ගිණුම් පිළිබදව මැදිහත්වන ඉතා උසස් සුදුසුකම් ඇති ගණකාධිකාරිවරියට නගරාධිපතිවරයා සිය නුගත්කම ප්‍රසිද්ධියේම පෙන්වා සමච්චල් කර තිබිමයි.
ඉතින් මීගමුවට උගත් නිළධාරින්ගේ සේවය ලැබෙයිද ?
එපමණක් නොව ඉජිනේරුවරියටද තග දමා කියා ඇත්තේ තමා හෙට පාරක් හදන්න යැයි කියා සිටියොත් එය අනිවාර්යේනම කළ යුතු බවයි.
ගැටළුව වන්නේ රාජ්‍ය නිළධාරින් වැඩකරන්නේ චක්‍රලේඛවලට යටත් ව බව මිගමුවේ නුගත් දේශපාලන අධිකාරිය නොදැන සිටිමයි
කෙසේ වෙතත් මේ තතවය දිගටම පැවතිය හොත් මිගමුව වැනි නගරසභාවලට උගත් නිළධාරින්ගේ සහය අහිමිව යනු ඇත.