සාමය අවැසි පුංචි රෝමයේ යුද්ධය පින්තාරු කිරීම !

0
362

IMG-20191228-WA0014

මීගමුවේ සිට පිටිපන පාරේ යනවිට හැමිල්ටන් ඇල සහ කලපුව මුනගැහෙන ස්ථානයේ ඇති කුඩා පාලම දෙපස තාප්ප වලද පින්තූර පින්තාරු කර තිබින .
නමුත් ඒ වෙනත් තාප්ප වල මෙන් පරිසරය පිළිබඳව හෝ සාමය ගැන අදහසක් මතුකර දැක්වීමට නොවන බව කිවයුතුය .
එහි ඇඳ තිබුනේ එක් මිනිසෙකු මරා දැමීමට තවත් මිනිසෙකු තුවක්කුව මානාගෙන සිටින ආකාරය දක්වන පින්තූරය.
එමෙන්ම යුධ අහස් යානා, බෝම්බ ඇඳ තිබින .
එසේම තාප්ප පුරාම යුධ ඇඳුම නිරූපණය කෙරෙන හැඩතල නිර්මාණය කර තිබින .මීගමුව බෝම්බ බියෙන් තැත්ගත් නගරයකි.එබැවින් ඒවා බිත්තවලද ඇද මිනිසුන් කම්පනයට පත්නොකළයුතුව තිබේ.
පසුගිය කාලයේ මේ භිතිය සැවොම අත්දුටුවෙමු.
ඉන්පසු කඩු , පොලු , බෝම්බ පිළිබඳව විද්‍යුත් මාධ්‍ය සහ පුවත්පත් හරහා කරන වාර්තා නිතර අසන්නට දකින්නට ලැබින . ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථානවල ආයුධ අත දරාගත් යුධ භටයින් ස්ථාන ගතකරන ලදී. බිය , සැකය ඉතා වේගයෙන් සමාජ ගතවිය. ආගමික
සහජීවනය ගොඩනැගීම සඳහා කාදිනල් තුමා මුල් අවස්ථා වලදීම වෙහෙසක් ගන්නා ලදී. එසේම සමහර පියතුමන්ලා ,බෞද්ධ භික්ෂූන් වහන්සේලා , මුස්ලිම් මව්ලවි තුමන්ලා , හින්දු පූජක තුමන්ලාද විවිධ අාකාරයෙන් සාමය වෙනුවෙන් මැදිහත් විය . ඒ සෑම උත්සාහයක්ම එකී මොහොතේදී මිනිස් සමගිය සඳහා ඉතා වැදගත් සාධක විය.
නැවත යම් ආකාරයකට සාමකාමී වාතාවරණයක් නිර්මාණය වී ඇත .නමුත් ජාතිවාදී මනෝභාවය නොපෙනෙන හුයක් මෙන් පැවතින . තාප්පවල පින්තූර ඇඳීමට පෙලගැසුනු තරුණ පිරිස අතරින් ඉහතකී මනෝභාවය තාප්පවල පින්තූර වලද චිත්‍රණය වූ අවස්ථා තිබින . ඉහතකී පාලමේ තාප්ප වල නිරූපණය වී ඇත්තේද එම මනෝභාවයදැයි විමසා බැලිය යුතුය .කෙසේ වෙතත් මේ යුධ මනෝභාවය පුංචි රෝමයට කිසිසෙත්ම නොගැලපෙන්නෙකි.දේදුණු නගරයට යුදවාදි මනෝභාවයන් ආරෝපණය කළ කව්රුන් වුවද මිගමුවේ සැබෑව තුල ජිවත්වන්නෝ නම් නොවිය යුතුමය.
අපට අසන්නට ඇත්තේ මේ බයියන් කව්දැයි කියාය.
පසුගිය කාලය තුළ දේශපාලකයින් ප්‍රයෝජනයට ගත්තේ මිනිසුන් තුළ පවතින එම මනෝභාවය බව පෙනින . මේ තාප්ප පින්තාරු වලින් ප්‍රකාශ වන්නේ එම තත්වය නැවත වරක් සමාජය තුළ පින්තාරු කිරීමට ගත් උත්සාහයක්ද?