සාමුහික වගකීමට එරෙහිව ගිය තලතාට සහ රංජිත් මද්දුමට ජෝන් ලුණු ඇඹුල් ඇතුවම කියයි !

0
89

John-amarathunga-720x340රට තුල මතුවෙමින් ඇත්තේ බරපතල අර්බුදයකි. දේශපාලන පළිගැනිම් මෙන්ම අන්තවාදි බෙෞද්ධ භික්ෂුන්ගේ මර්ධනය සමාජය තුල දැන් හිස ඔසවමින් තිබේ.
එයට සාමුහිකව මුහුණ දිම සදහා වගකිම් ගැන තඹ පයිසෙක හැගිමක් නැති සජිත් පිළේ ඇතැමුන් දැන් හැසිරෙන්නේ පිස්සන්ට හැතැක්ම නැති ගානටය.
මෙවන් යථාර්ථයක් තුල සමස්ථ බලවේග එක පිළකට ගෙන නැග එන මර්ධනයට මුහුණ දිමට පළල්ම පෙරමුණක් නිර්මාණය කිරිම අද යුගයේ මගහැරිය නොහැකි දේශපාලන වගකිම බවට පත්ව තිබේ.
එහෙත් අවාසනාව වන්නේ එවන් දේශපාලනයක් ගැන වගේ වගක් නැති සජිත් පිලේ ඇතැමුන් දැන් ක්‍රියාකාරින්නේ දේශපාලන බාබාල ලෙසය.
එවන් බාබාල දෙදෙනෙකුට එජාපේ සිටින ජේෂ්ඨයෙකු වන ජෝන් අමරතුංග නිවේදනයක් නිකුත් කරමින් බරපතල විවේදනයක් ඉදිරිපත් කර තිබේ.
එජාපයේ ඉදිරි සැළසුම් සහ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර තිබියදී එහි සාමාජිකයන් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිය පෞද්ගලික මත ඉදිරිපත් කිරීම සදාචාර සම්පන්න නොවන බව  එකි නිවේදනය නිකුත් කරමින් වන ජෝන් අමරතුංග අවධාරණය කොට තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, මලික් සමරවික්‍රම, ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන්ගෙන් සහ තලතා අතුකෝරාළ මන්ත්‍රීවරියගෙන් සැදුම් ලත් කමිටුවක් පසුගියදා පත්කළ අතර එම කමිටුව තවමත් සාකච්ඡා පවත්වමින් සිටී. ඒ අතර කමිටු සාමාජිකයන් වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරාළ මහත්මිය මාධ්‍ය හමුවක් පවත්වමින් කමිටුවේ විෂයපථයට අදාල කරුණු සම්බන්ධයෙන් සිය පෞද්ගලික මත ඉදිරිපත් කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් කමිටුවේ සෙසු සාමාජිකයන්ගේ සහ එජාප ජ්‍යෙෂ්ඨයන්‌ගේ විවේචන  වන විටත් එල්ල වන්නට පටන් ගෙනය.

ජෝන් අමරතුංග සිය නිවේදනයෙන් අවධාරණය කරන්‌නේ එසේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීම සදාචාර සම්පන්න නොවන බවය
එසේම නෛතික වශයෙන්ද එය නොකළ යුත්තක් බවද අවධාරණය කොට තිබේ.

අධිකරණයේ ක්‍රියාත්මක වන නඩුවකදී වුවද විනිශ්චයකාරවරුන් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර සිය පෞද්ගලික මත ඉදිරිපත් නොකරන බව පෙන්වා දෙන ජෝන් අමරතුංග මහතා පවසන්නේ රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරාළ මහත්මිය සිය වගකීම් සහ අචාර ධර්ම උල්ලංඝනය කර ඇති බවද එකි නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හැරුණු කොට පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා ලෙස තමාට වැරදි පෙන්වා දීමේ අයිතියක් මෙන්ම වගකීමක් ද ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. පක්ෂයේ අර්බුදයක් මතුව ඇති අවස්ථාවක සිය පෞද්ගලික මතවාද සහ අරමුණු පසෙක ලා සියලු දෙනා එකමුතුව, සියලු දෙනාගේ අදහස් විමසා අවශ්‍ය විසඳුම් ලබාගත යුතු බව ජෝන් අමරතුංග මහතා අවධාරණය කරනවා..
(මුලාශ්‍රය- ලංකා නිව්ස් වෙබ් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here