සා.මරියා විදුහල කඩුලු 5 කින් පරදා ජෝශප්වාස් විදුහල ජයලබයි.

0
105

vasi 1හලාවත සාන්ත මරියා විදුහල කඩුලු 5 කින් පරාජය කරමින් 2015 සහෝදරවරුන්ගේ සටන මහා ක්‍රිකට් තරඟය ජය ගැනිමට වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල සමත් විය.
6 වන වරටත් පැවති මෙම මහා ක්‍රිකට් තරඟය ඉකුත් 10 හා 11 හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රිඩාංගණයේදි පැවැත්විණ . මෙම තරඟයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හලාවත සාන්ත මරියා විදුහල සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 168 ක් රැස්කළේය පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ සාන්ත ජෝශප් වාස් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවි ලකුණු 209 ලබා තිබියදි තරඟය අත්හිටුවා සාන්ත මරියා විදුහලේ දෙවන ඉනිමට අරාධනා කළේය
ඒ අනුව ලකුණු 41ක් පසුපසින් සිට තම දෙවන ඉනිම අරම්භ කළ සාන්ත මරියා විදුහලට සියලු දෙනා දැවි රැස්කරගත හැකි වුයේ ලකුණු 109 ක් පමණි දෙවන දිනයේ අවසන් භාගයේ ක්‍රිඩා පිටියට පතිත වු අඳුරු ආලෝක තත්වයත් සමග ජයග්‍රාහි ලකුණු 68 ක ඉලක්කය කරා වේගවත් ඉනිමක් ක්‍රිඩා කිරිමට සිදු වු සාන්ත ජෝශප් වාස් පිල කඩුලු 5 ක් දැවි එම ජයග්‍රාහි ඉලක්කය සපුර ගත්තේ අඳුරු ආලෝක තත්වයත් පරාජයට පත් කරමිනි දක්ෂතම පන්දු රකින්නා ලෙස සාන්ත මරියා විදුහලේ රෝෂිත සෙනෙවිරත්න ,දක්ෂතම පිතිකරු ලෙස සාන්ත මරියා විදුහලේ ශශේන් දිනෙත්, දක්ෂතම පන්දු යවන්නා ලෙස සාන්ත ජෝශප් වාස් විදුහලේ ප්‍රවින් දිලංක හා මෙම තරඟයේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සාන්ත ජෝශප් වාස් විදුහලේ ෂෙහාර රණතුංග ක්‍රිඩකයාත් සම්මාන ලැබූහ සාන්ත මරියා පළමු ඉනිම සියලුදෙනා දැවි 168 (ශශේන් දිනෙත් 57,භාෂිත පීරිස් 34, ප්‍රවීන් දිලංක 26/03,අවිශ්ක ප්‍රනාන්දු 53/03 ) සාන්ත ජෝශප් වාස් පළමු ඉනිම කඩුලු 9 ට 209 ( ෂෙහාර රණතුංග 43,රශාන් චාරුක 39, ශශේන් දිනෙත් 24/02, මහෙලන් ධනංජය 34/02 ) සාන්ත මරියා දෙවන ඉනිම සියලු දෙනා දැවි 109 (භාෂිත පීරිස් 32, බවන්ත ප්‍රමුදිත 17,අවිශ්ක ප්‍රනාන්දු 46/03, ප්‍රවින් දිලංක 18/02 ) සාන්ත ජෝශප් වාස් දෙවන ඉනිම කඩුලු 5ක් දැවි 68 (ෂෙහාර රණතුංග 29, රෝෂිත සේනානායක 08/02 )
සටහන සහ ඡායා -චන්දන ප්‍රනාන්දු