සැප්. 1 වනදා සිට පොලිතින් තහනම ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි.

0
635

image_1499842052-0bab4de89d

(දෙවන සංස්කරණය )සැප්තැම්බර් 1 වනදා සිට මෙරට තුල පොලිතින් භාවිතා කිරීම තහනම් කිරීමට කැබිනට් අනුමැතිය පසුගිය දිනයකදී හිමිවුණා.එහෙත් මේ සම්බන්ධයෙන් පොලිතින් නිෂ්පාදන කර්මාන්තයේ නියැලි සිටින ව්‍යාපාරිකයන් හා සේවකයන්ගෙන් මතුව හා විරෝධයද සැලකිල්ලට ගනිමින් මෙම නිතිය ක්‍රියාත්මක කිරිම රජය විසින් 2018 ජනවාරි 01 වෙනිදාට යොදා ඇත.
කෙසේ වෙතත් මෙහි අරමුණු පහත දැක්වෙන පරිද්දෙනි.

මෙම තීරණය  කෙටිකාලීන,මධ්‍ය කාලීන හා දීර්ධකාලීන වශයෙන් වන අරමුණු යටතේ ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව වන අරමුණු පහත පරිදි වේ.

කෙටිකාලීන අරමුණු

  • සියළුම අවස්ථාවන් වල සැරසිලි සදහා පොලිතින් භාවිතා කිරීම තහනම් කිරීම.
  • පොලිතින් වලට සමාන හෝ මයික්‍රෝන 20ට අඩු පොලිතින් නිෂ්පාදනය,විකිණීම හෙ භාවිතා කිරීම තහනම් කිරීම.
  • මයික්‍රෝන් 20ට අඩු පොලිතින් භාවිතා කිරීමට අත්‍යවශ්‍ය වන අවස්ථාවන් වලදී මධ්‍යම පරිසර අධිකාරයේ අවසර ඇතිව ඒවා භාවිතා කිරීමට අවසර දීම.
  • ලන්ච් ෂීට් නිෂ්පාදනය,විකිණීම හා ආනයනය තහනම් කිරීම.
  • පොලිස්ටයරින් භාවිතයෙන් නිපදවන පිගන්,හැදි,බදුන් හා කෝප්ප නිපදවීම,විකිණීම හා ආනයනය තහනම් කිරීම.
  • සැකසූ හෝ පිසූ ආහාර පොලිතින් අඩංගු බසුන් වල බහා විකිනීම තහනම් කිරීම.
  • වෙලදසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබා දෙන පොලිතින් බෑග් වෙනුවට කඩදාසි,රෙදි,හෝ ජෙවීය වියෝජනය වන ප්ලාස්ටික් වලන් නිපදවූ දේ ලබා දීම ප්‍රවර්ධනය කිරීම.
  • විවෘත ස්ථාන වල පොලිතින් හෝ ප්ලාස්ටික් පිලිස්සීම තහනම් කිරීම.
  • ජෙවීය වියෝජනය වල ප්ලාස්ටික් හා පොලිතින් හදුන්වාදී හා ප්‍රවර්ධනය .

මධ්‍ය කාලීන අරමුණු

  • ජෙවීය වියෝජනයට ලක්වන ප්ලාස්ටික් නිපදවීම සදහා යොදාගන්නා යන්ත්‍ර ආනයනය කිරීමේදී බදු සහන ලබාදීම.
  • ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ ආනයනය කිරීමේදී 15%ක සෙස් බද්දක් පැනවීම.

දීර්ඝකාලීන අරමුණු.

  • ප්‍රතිචක්ක්‍රීකරණය කරන ලද සියළුම ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීම.

ඒ අනුව මෙම පොලිතින් තහනම් ක්‍රියාත්මක වීමෙන් පසු පොලිතින් හෝ ප්ලාස්ටික් වර්ග භාවිතා කිරීමට වරදකරුවෙකු වන පුද්ගලයෙකුට රු.10,000ක දඩමුදලක් හා වසර දෙකක් සිරදඩුවමක් පැනවීමේ හැකියාව පවතින බව මධ්‍යම පරිසර අධිකරිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here