සැප රිය නවතා තිබුන නිවසේ අය අත්අඩංගුවට ? පැද්ද අය තවමත් නිදැල්ලේ?

0
171

මිගමුවේ v8 එකක් අත්අඩංගුවට අරගෙන දැන් සති දෙකකට වැඩියි.මේ සති දෙකක කාලය තුල මිගමුව පොලිස් කොට්⁣ටාශයට බැරිවුනා මේ සැපරියට අදාලව කාව වත් අත්අඩංගුවට ගන්න.අපි මේ තත්වය වෙනත් නගර වලට බට් වාහන අත්අඩංගුවට ගැනිම් එක්ක බැලුවොත් තත්වය හාත්පසින්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නෙ.

අනික් තැන්.වල එහෙම වුනත් මිගමුවේ එහෙම වෙන්නෙ නැ කියල තමයි සමාන්‍ය මිනිස්සු කියන්නේ.

කතාව ඇත්ත.

මේ සැප රිය මිරිස්වත්තට පදවගෙන ගිය කෙනා සුදේශ් කියල හාදයෙක්.V8එක නවත්තල තිබුනේ මිරිස්වත්තේ මේනක කියල කෙනෙක්ගේ ගෙදරලු.

කොහොම වුනත් පොලිසිය⁣ මේ කේස් එකට දැන් අඩංගුවට අරන් තිබුනේ මේ බට් වාහනේ තවත්තල තිබුන මිරිස්වත්තේ ගෙදර මේනකව.

උසාවියට ඉදිරිපත් කරපු මේනකව ලක්ෂ පනහ ගානේ ශරීර ඇප  තුනක් සහිතව ඇප පිට නිදහස් කරල තිබුන.27 වෙනිදා නැවත නඩුව කැඳවනවා. එදාට ප්‍රධාන සැකකරුවෝ ඉදිරිපත් කරන්න අධිකරණයට.

අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම තමයි චෝදනාව

ඇවේන්රා එකේ හිමිකරු ධනේශ්වයි ,සුදේශ්වයි අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියල නියෝගකුත් නිකුත් කරල.

දැන්⁣ මේක එලවගෙන ආවයි කියන සුදේශ්ගෙන් කට උත්තරයක් අරන් යැව්ව කියල තමයි පහුගිය දවස්වල ආරංචි වුනේ. .
ඒ කියන්නේ උසාවිය මේ නියෝගය දෙන්න කලින්
දැන් මිනිහ මිසින් කියලත් කථාවක් පැතිරෙනවා.ධනේශ් ගැනත් ඒ වගේම ආරංචි තමයි පහුගිය දවස් වල තිබුනේ

කොහොම වුනත් වෙනත්  පළාත් වල මේ බට් කේස් ගැන පොලිසිය හැරෙන තැපෑලෙන්ම ප්‍රතිචාර දක්වද්දි මිගමුවේ පොලිසිය  වටේ යනව කියලයි  ජනතාවගෙන් චෝදනා එල්ලවෙන්නේ.
ඇත්ත මගෙ අම්මේ සති දෙකක් ම ගියානේ සැපරිය  නතර කරල තිබුන ගෙදර මනුස්සය අත්අඩංගුවට ගන්න
අනික වාහනය එලවන් ආපු කෙනා කව්ද කියල ටක්කෙටම දැනගෙනත් මිනිහව ගත්තේ නැ. මරු.හොරා පොලිස්..
මිගමුවේ මේ දිගඇරෙමින් ඇති බට් වාහන කේස් එකයි හොරා පොලිස් සෙල්ලමටයි ඕන කරල තියෙන්නේ කාව මෙකෙන් අයින් කරගන්නද කියලත් ජනතාව දැන් අහන්න පටන් අරන් .
මේ වාහනය පදවපු තවත් අය ඉන්නව .

ඒ ගැන ප්‍රසිද්ධියටත් පත් වෙලා .  මඟුල් ගෙවල් වල මනාල යුවලගේ ගමන් වලට පාවිච්චි කරල තියෙනව කියල කථාවකුත් ආරංචි වුනා. මේ බඩ් කේස් එක මිගමු නගර සභාවේ රියදුරෙකුත් එලවල තියෙනවව කියල කථා වෙනව .

මේ කථා වටේ පොලිසිය වෘත්තිය මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ගත්ත නම් ඇත්ත බඩු ටික මාට්ටු වෙනවා.අනේ මන්ද මේක මිගමුව පොලිස් කොට්ටාශය බට් වාහන මෙහෙයුම් කරන විදිය වෙන්න පුලුවන්
නමුත් ජනතාව කියන්නේ පොලිසියේ  ලොකු අයට මේ බඩ් කේස් එකෙන් කාව හරි බේරගන්න  ඕන හින්ද වෙන වෙන වංගු වැඩ ක්‍රියාත්මකයි කියල.
කොළඹ ඇතුළු අනික් පාළාත් වල එසැනිණ සැපරියවල් අල්ලල ඒව පරිහරණය කරපුව අයවත් එක්ක  නිතිය ඉදිරියට ගෙනවා.
නමුත් මිගමුවේදි මේ රිදම් එක වෙනස් ?