සෑම පුරවැසියෙකුම ස්වාධීන ජන්ද නිරික්ෂකයෙකු කිරිමට වැඩපිළිවෙලක් ..

0
168

2013 නොවැම්බර් මස මොසැම්බික් රාජ්‍යයේ පැවැත්විමට නියමිත පළාත් පාලන මැතිවරණය නිරික්ෂණය කිරිම සදහා පුළුල් වැඩ පිළිවෙලක් පුරවැසියන් සම්බන්ධකරගනිමින් සංවිධානය කිරිමට විශේෂයෙන්ම එරට පුරවැසි මාධ්‍ය කණ්ඩායම් විසින් මේ වන විටත් කටයුතු සුදානම් කරගෙන යන බව ග්ලෝබල් වොයිස් වෙඩ් අඩවිය වාර්ථා කරයි.
විශේෂයෙන්ම පුළුල් ලෙසින් පැතිරුණ ජංගම දුරකථන තාක්ෂණය යොදාගනිමින් ස්වාධින මැතිවරණ නිරික්ෂකයන් ගොඩනැගිම මේ වැඩසටහනේ අරමුණයි.
පුරවැසියන් අත නිරන්තරයෙන්ම ඇති ජංගම දුරකථනයක් ඔස්සේ sms පණිවිඩ ලෙසින් මැතිවරණ නිති උල්ලංඝණයන් පිළිබදව තොරතුරු ලබාගැනිමට සැලසුම් කර ඇති මෙම වැඩපිලිවෙල ලංකාවේදි  පවා එළඹෙන මැතිවරණ වලදි සක්‍රිය මැදිහත් විමක් සදහා පුරවැසියන්ගේ දායකත්වය ලබාගැනිම සදහා සැලසුම්කිරිමට ඉහල හැකියාවක් ඇත.
මේ සදහා මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් සහ පුරවැසි මාධ්‍ය ජාලයන් හා නිසි සම්බන්ධිකරණයක් පමණක් අවැසි ප්‍රධානතම සාධකයක් වේ.agentes-educacao