සිංගප්පූරුවේ උපකාරක පංති උමතුව

0
132

education-in-singapore   සිංගප්පූරු රජය දරුවන්ව උපකාරක පංති වලට සහභාගී කිරීම අනවශ්‍ය දෙයක් ලෙස සදහන් කර තිබියදීත් එරට මව්පියන් තම දරුවන්ව පෞද්ගලික උපකාරක පංති වලට යොමු කිරීම එරට සුලභ දෙයක් බවට පත්වී ඇත.

එරටින් වාර්ථා වන අන්දමට එරට ප්‍රාථමික සිසුන්ගෙන් 90% ක් පමණ මෙලෙස උපකාරක පංති වලට සහභාගී වන අතර ඒ සදහා දෙමව්පියන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 680ක් පමණ වැය කරන බවත්වාර්ථා වේ.

එරට මුලින්ම මෙලෙස උපකාරක පංති ආරම්භ වූයේ පාසලේ උගන්වා අවසන් කරන ලද පාඩම් තේරුම්ගැනීමට අපහසු වූ සිසුන්ට පෞද්ගලික ගුරුවරයෙකු ලවා ඉගැන්වීමක් ලෙසටයි.මුල් කාලයේදී ඒ සදහා යොමුවූයේද මේ සදහා මුදල් වියදම් කල හැකි දෙමව්පියන්ේ දරුවන්  පමණයි.නමුත් වර්ථමානය වන විට තත්වය මීට වඩා බෙහෙවින් වෙනස් වී ඇති අතර බොහෝ දරුවන් ස උපකාරක පංති වලට යොමුවීම වැඩිවී ඇත. එමනිසා එරට උපකාරක පංති මිලියන ගණනින් මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

එරට ජීවත් වන ඇතැම් දෙම්පියන් පවසන්නේ දරුවන්ගේ ඉගැනීමේ හා යමක් තේරුම්ගැනීමේ හැකියාවන් වෙනස් වන බවත් එලෙසම අධ්‍යාපන ක්‍රමය මගින් ලබා දෙන පීඩනයද පෙරට වඩා වැඩිවීමෙන් දෙම්පියන්ට දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානයක් යොමුකිරීමට සිදුවන බවත්ය. එලෙස අවධානයක් යොමුකිරීමට හැකි නොවන මව්පියන්ට අැති විසදුම වන්නේ මෙලෙස දරුවන්ව උපකාරක  පංති වලට යොමුකීරීම බවයි. එලෙසම ඔවුන් පවසන්නේ පාසලේ අධ්‍යාපන වැඩකටයුතු සාර්ථකව සිදුකරනා දරුවන්ට මෙලෙස උපකාරක පංති අනවශය බවයි.