පිපිරීම සිදුවී ඇත්තේ නිෂ්පාදන ක්රියාවලියේ ඇතිවූ දෝෂයක් නිසා බවට දැනට සැකකෙරන අතර කටාන පොලීසිය විසින් පරීක්ෂණ සිදුකරනු ලබයි. ගිණිකෙලි කම්හල තුළ ඉතිරි වී ඇත්තේ ඒවා නිශ්පාදනය කරන මැෂින් දෙකක් වන අතර කම්හල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි.මෙම ස්ථානයේ පසුගිය වසරේද පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.
මෙම පිපිරීම නිසා අසල්වැසි නිවෙස් දෙකකටද අලාභහානි සිදුවී ඇති බව දක්නට තිබූ අතර ඔවුන් පවසන්නේ ඒ මොහොතේ විශාල ශබ්දයක් ඇසුණ පසුව ඇවිත් බලන විට සියල්ල දුමාරයකින් වැසීගොස් තිබුණ බවයි.
Save