ශ්‍රි ලංකාවේ 2015 සිට වෙනස් වූ රාජ්‍ය පාලනයේ එකම බලාපොරොත්තුව ජාතීන් අතර සබැදියාව සහ සහජීවනය ඇති කිරීමය. ස්ථීරයෙන්ම උතුරයි දකුණයි යාකර දමිළ සිංහල ජනතාව අතර වූ බැදියාව අරමුණු කරගෙන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරගෙන යයි. එයට අදාළ වන පරිදි තිස් වසරේ කුරිරු යුද්ධයෙන් හානියට පත්වූ දමිළ ජනජීවිතයේ විප්ලවීය නව වෙනස්වීම් රාශියක් ඇතිකරන අදහසෙන් රජයේ උසස් මට්ටමේ අය ජනපතිගේ මාර්ගෝපදේශයන් පිළිගෙන කටයුතු කරති. මෙය යහපාලනයේ වැදගත් අංගයක් ලෙස පවතියි.
මේ සහජීවන පැවැත්මේ ගමන අවධානයට ගත්කල මුස්ලිම් සමාජය සහමුලින්ම ඉවත්කර ඇති තත්වයක් උදාවී තිබෙන බව පෙනී යයි. එයට උදාහරණ කිහිපයක් ඉදිරිපත් කළ හැකියි. එනම් යුද්ධය නිසා උතුරු නැගෙනහිර පෙදෙස් වල මුස්ලිම් ජනතාවෝ හානි වලට පත්වී දමිළ අය මෙන්ම යටිතල පහසුකම් සියල්ල අහිමි වී තවමත් දුක් කන්දරා, ප්‍රශ්ණ උසුලාගෙන ආධාර උපකාර විසදුම් නැතිව දුක් විදිති. උතුරෙන් පැය 14ක් තුල කොටීන් විසින් පන්නා දැමූ මුස්ලිම්වරුන්ටද එසේමය. ඔවුන්ට නැවත පදිංචි වීමට ඇති බාධක ප්‍රශ්ණ ඉවත් කිරීමේ කටයුතු වල ඉබි ගමන්වේගයෙන් ඇදයන නිසා අනාථයන්ට සෙතක් සැලසෙන්නේ නැත. අලුත්ගම මුස්ලිම්වරුන්ට හිතාමතා කල අපරාධවලට විසදුමක් හෝ අලාභ වලට වන්දියක්වත් වසර දෙකක් වෙලත් තවමත් ලැබී නැති එක සදහන් කිරීම වටියි. මේ යහපාලන සමයෙනුත් මුස්ලිම් ජනතාව කෙරෙහි බෞද්ධ චීවරධාරීන්ගේ විරෝධ බලපෑම්, නින්දා අපහාස කිරීම උපායශීලීව එල්ල කරන වගක් පෙනී යනවා. තව බදුල්ලේ මුස්ලිම් පාසල් නිර්මාණයට විරෝධය දැක්වීම, බෝගම්බර සිරගෙය අසලද, දෙහිවල බාතිය මාවතේද මුස්ලිම් පල්ලි නිර්මාණවලට එල්ලකළ විරෝධ ඝෝෂා යනාදිය උදාහරණ වශයෙන් කිව හැකියි.
මේ නිසාම සිංහල දෙමළ ජාතීන් අතර සබැදියාව ගැන කල්පනා කරන විට සහජීවනය සහ එකමුතුකම මේ රටේ ස්ථාවර කර ගැනීමේ කර්තව්‍ය ඉතා සුවිශේෂියි. එයට සමගාමීව කවදත් එකමුතුව අවබෝධයෙන් ජීවත්වන මුස්ලිම් සිංහල ජනතා අතර තිබෙන්නාවූ සමගිය හා සහජීවන සබැදියාව සුන්බුන්ව නොයන්න ආරක්ෂා කර ගැනීම රජයේ සතු වගකීමක් වනු ඇත.
සිංහල දමිළ දෙජාතීන්ට පමණක් නොව මෙරට වෙසෙන මුස්ලිම්,මැලේ,බර්ගර් වැනි විවිධ ජන කොටස් සියල්ලන් අතර සබැදියාව සහජීවනය නිරන්තරයෙන්ම අත්‍යවශ්‍ය වේ. මේ සුවිශේෂී වූ සෑම ජන කොට්ඨාශයම ඔවුනොවුන්ට අයත් භාෂාවන්, සංස්කෘති,සම්ප්‍රදායන්,යහපත් සිරිති විරිත් මගින් අපරට වැදගත් ලස්සන රටක් සැටියට මුළු ලොවටම හදුන්වා දී ඇති බවයි ඉතිහාසයෙන් පෙනී යන්නේ.
මෙම ජනකොට්ටාස වල සුවිශේෂිතාවය රැකගෙන සියළු දෙනාම එකට වගකීමෙන් යුතුව ජීවත් විය යුතුයි.
අපි කිසි විටක මේ රටේ ජීවක් වන අනෙක් ජන කොටස්වල ස්වයං තීරණ අයිතිය ප්‍රතික්ෂේප නොකල යුතුයි. අප රටේ සියළුම ජන කොටස් තම තමන්ගේ ස්වාධීන අයිතීන් පිලිගනිමින් ඔවුනොවුන්ගේ වෙනස් කම් අවබෝධ කර ගනිමින් එකරටක ජනතාව සේ ජීවත්වීමයි අපට සුදුසුම ක්‍රියාවලිය වන්නේ. බොහෝ රටවල මෙසේ පිළිපැදීම කවුරුත් දන්නා සත්‍යයකි. සාමාකාමී ජීවිතයට සොබා දහම අපට උරුම කර තියෙන්නේත් මෙම පිළියම පමනි.