”සිංහල බොදුනුවාගේ” ෆේස් බුක් පිටුවට හිරුණිකාගෙන් පිළිතුරක් !

0
158

hirunika 1‘සිංහල බොදුනුවා’ නමින් වු  ෆේස්බුක් පිටුවක් පසුගිය දා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ සිරුරේ කොටා ඇති පච්චයක් පිලිබඳ ඡායාරූපයක් පළකර ඇතැයිද ඒ ගැන හිරුණිකා මෙනවිය  විසින් පිළිතුරු දි ඇතැයිද ලංකා පුවත් වෙබ්අඩවිය සදහන් කර සිටි.
අදාල ෆේස් බුක් පිටුවේ  තවදුරටත් දක්වා ඇත්තේ …  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සාරිය අඳින්නේ ඇගේ සිරුරේ ඇති බුදු රුව සහිත පච්චය වසා ගැනීමේ අරමුණින් බවයි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ ඡායාරූපයක් සමඟ බුදු රුව සහිත පච්චයක් ද යොදා සකස් කර තිබූ එම පෝස්ටරයට අදාළ ඡායාරූප සොයාගත්තේ හරීන් ප්‍රනාන්දු මහතාගේ ජංගම දුරකථනයෙන් බවද අදාළ ෆේස්බුක් පිටුව පවසා තිබුණේ යැයි ලංකා පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටි.

එම පෝස්ටරය පිලිබඳ අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සිය ෆේස්බුක් ගිණුම හරහා පවසා සිටින්නේ අදාළ පෝස්ටරය සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු මත පදනම් වූවක් බවයි. එම පෝස්ටරය සඳහා යොදාගෙන තිබෙන පච්චය අඩංගු ඡායාරූපය අන්තර්ජාලයෙන් බාගත කරගත් එකක් බව පවසන ඇය එයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ද කියා සිටි.

තම දේශපාලන ගමන ඉවසාගත නොහැකි යම් යම් පාර්ශව මෙසේ ආගම සම්බන්ධ කරමින් තමාට මඩ ප්‍රහාර එල්ල කරන බව පවසන ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය තම ගමන් මග නැවත්වීමට එවන් මඩ ප්‍රහාරයන්ට හැකියාවක් නොමැති බව ද ප්‍රකාශ කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here