සිංහ සමාජය කම්කරුවන්ට ජැකට් අන්දයි….

0
299

— පිවිතුරු පුරයක් – සුවබර දිවියක් ˜ යන තේමාව සදහන් කබා (ජැකට්) 250 ක් මීගමුව, සත්කාරක සිංහ සමාජය විසින් මීගමුව මහා නගර සභාවට ප්‍රදානය කිරීම අද (2013/03/27) පෙරවරුවේදී සිදුවිය. මීගමුව මහානගර සභාවේ දී මෙම ප්‍රදානය සිදු වූ අතර එහිදී මෙම කබා තොගය භාර ගන්නා ලද්දේ නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා විසිනි. මෙලෙස ප්‍රදානය කෙරුණු මෙම කබා තොගය සදහා මීගමුව සත්කාරක සිංහ සමාජය විසින් රු.100,000/- ක පමන මුදලක් වැය කර තිබේ.
මීගමුව මහා නගර සභාවේ, සෞඛ්‍ය අංශයේ කැලි කසල බැහැර කිරීමේ කාර්්‍යයේ යෙදෙන කම්කරුවන්ට ඔවුන්ගේ අනන්‍යතාවය සහ විධිමත්භාවය  විදහා දැක්වීම අරමුණු කර ගනිමින් මෙම කබා තොගය පිරිනැමිණි. මෙම අවස්ථාවට මීගමුව සිංහ සමාජයේ සභාපතිනී වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු මහත්මිය ඇතු`ඵ මීගමුව සිංහ සමාජයේ සමාජික සමාජිකාවන් පි්රිසක් සහභාගී වූහ. එලෙසම මීගමුව මහා නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරීන් සහ කම්කරුන් පිරිසක්ද මෙම අවස්ථාවට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

 

———————————————————————————————————————————————————————————————————————————————————————————————————————————————-

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here