සිතට උළෙලක් නැති සාහිත්‍ය උත්සව කාට ද?

0
453

tumblr_ncqc5yrNBc1s3gup2o1_r1_500සැප්තැම්බර් මාසය සාහිත්‍ය වෙනුවෙන් වෙන්වන අතර එම මාසය පුරා සාහිත්‍ය කලා උළෙල වල් පැවැත්වීමේ සංස්කෘතියක් රටේ පවතියි.  මෙම කටයුතු  සදහා රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙන අතර සංස්කෘතික අමාත්‍යාංශය හරහා මෙම රාජ්‍ය සාහිත්‍ය කලා උත්සව පවත්වනු ලබයි. පසුගිය දිනක මීගමුවේදී සාහිත්‍ය උත්සවයක් පැවැත්වූ අතර මෙම උත්සවය පැවැත්වූයේද ඔක්තෝබර් මාසයේදීය.

එයට සහභාගී වූ පැරණි ලේඛකයෙකු ගේ අදහස අනුව එහි සංස්කාතිකාංග නම්  රසවත්ව තිබී ඇත.  පරිපූර්ණ දේශනයක් ද පැවැත්වී ඇත.
තරග වලට නිර්මාණ ඉදිරිපත් කළ සාහිත්‍යෙව්දීන්ට /වේදිනියන්ට ලැබුණේ මොනවාදැයි අප දැනගත යුතුය.
කිසියම් වූ නිර්මාණාත්මක තෑග්ගක් , සහතිකයක් හා සාහිත්‍ය කෘති කීපයකින් මෙම තෑගී පාර්සලය සමන්විතවී ඇත.
සංස්කාතික අමාත්‍යාංශය විසින් වෙන්කරන සොච්චම් මුදලින් මෙයට වඩා දෙයක් අරන් දෙන්නට ප්‍රා.ලේකම් කාර්යාලයට හැකියාවක් ලැබෙන්නේ නැත. එය පිළිගත හැකිය. සාහිත්‍ය කෘති වලට ද රජයට වියදමක් යන්නේ නැත. මන්ද ඒවාද ප්‍රකාශකයන් විසින් යම් ප්‍රමාණයක් සංස්කෘතික අමාත්‍යාංශයට හෝ වෙනත් අමාත්‍යාංශයකට නොමිළේ පිටපත් ප්‍රමාණයක් ලබාදිය යුතු හෙයින් එහි ගැටළුවක් නොමැත.
නමුත් මේ උත්සවය පැවැත්වෙන්නේ මිගමුවේ සාහිත්‍ය සහ කලාව වෙනුවෙනි.
ඒ වෙනුවෙන් කැපවූ සාහිත්‍යකරුවන් සහ කලාකරුවන් වෙනුවෙනි.
ඒ වෙනුවෙන්  සහභාගී වන අයට කිසියම් වටිනාකමක් දෙන්නට කැමති මෙන්ම ඇති හැකි අයද මේ නගරයේ ඕනෑතරම් සිටිය හැකිය.
නමුත් මේ සදහා හොද සම්බන්ධීකරණයක් තිබිය යුතුය. මිගමුව මහ නගර සභාවේ සම්පත් රැගෙන ගොස් උෟවේ ඡන්දය කරන්නට පුලුවන් නම්
මිගමුවේ සාහිත්‍ය උත්සවයකදී අඩුම ගණනේ සාහිත්‍යකාරයෙකුට ලියන්නට කොල ටිකක් පෑනක් දෙන්නට තරම් හෝ හැකියාවක් මීගමුවේ දේශපාලනය සමත් විය යුතුය. මුදල් පරිත්‍යාග දිය නොහැකි නම් අඩුම ගණනේ ඔවුන්ට හිත පිරෙන්නට දෙයක් දිය යුතුය.
මෙවැනි උත්සව වලට පැමිණෙන දේශපාලනඥයන් ද  තැගී බෙදා දී  සතුටින් අප්පුඩි ගසා නැගිට යති.
ඔවුනට චන්ද දායකයා තරම් සාහිත්‍යෙව්දියා වටින්නේ ද?
පසුගිය කාලයේ පැවති බස්නාහිර සහ ඌව පළාත් සභා ඡන්ද වලදී මීගමුවට සම්බන්ධයක් නැති පළාත් වල අයට මීගමුවේ බදු මුදල් වලින් කොපමණ තෑගි – බෝග ලැබුණා ද?
දැනට අවුරුදු කිපයකට පෙර  වෛද්‍ය එම්.එස් වීරකෝන් මහතාගේ සැමරුම් වලදී ඔහු ගැන අබමල් රේණුවක් වත් තරම් දෙයක් දන්නේ නැති ඔහුගේ ඡායාරූප කලාව ගැන කිසිදු අබ ඇටයක් දන්නේ නැති මන්ත්‍රීවරුන් පැමිණ මෙම උත්සව වල වැජඹෙනු දැක, ඔහු වෙනුවෙන් බැනර් දමනු දැක  මහත් කණගාටුවක් මේ ලියුම්කරුට ඇති විය.
නමුත් ඔහුගේම ක්ෂේත්‍රෙය්ම අයට ඔහුව ස්වාධිනව  ඇගයීමට, සැමරීමට තරම් ධෛර්්‍යක් නොමැති වීම අප සමාජයේ යතාර්ථයකි. නැතිනම් එය අද විලාසිතාවකි. අපට කණගාටුවක් වුවත් ?
නිසරු දෙයට වියදම් කරන ආකාරය මේ නගරයේදී ද ඕනෑතරම් දැකිය හැකිය.  එයින් සොච්චමක් සමාජය යහපත් තැනකට පත්කරන සාහිත්‍යකරුවා වෙනුවෙන් වෙන්කරන්නට කිසිවෙකුට උවමනාවක් හෝ  මතකයක් නැතිවා විය හැක.
මේ අවුරුද්දේ මීගමුව නගර සභාව විසින් පුස්තකාල වලට වෙන්කර ඇති මුදල කීයක් විය හැකි ද? එය අනිවාර්යයෙන්ම සෑහිමකට පත්විය නොහැකි මුදලක් වී ඇති බව නොඅනුමානය.
කවදා හෝ දිනක අපට නෙලන්නට සිදුවන්නේ අප වැපිරූ දේවල් වල පළ මිස අන් කිිසිවක් නොවන බව ශුද්ධවූ බයිබලයේද සදහන්ව ඇත.

සටහන –  සාවිත්‍රි දිසානායක