සිතියම්ගත ඇලක් වසාදමා හැදු රැනෝවේල් හෝටලය !

0
78

thoppuwa ala1කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම් සලකුණු කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මා ඔයට ගලා බැස ගිය තෝප්පුව ඇල නම් වු ඉපැරණි ඇල කැළුම් නම් ව්‍යාපාරිකයා 2011 ඔක්තෝබර් 08 වෙනිදා වසා දමා අලුතින් ඇලක් කපන්නට පියවර ගෙන තිබුණි.
මෙම කටයුත්ත හරියටම පළාත් පාලන මැතිවරණය පැවැති දිනයේදිම ගොඩකිරිම ආරම්භ කිරිමෙන් පෙනි යන්ෙන් මෙම රාජ්‍ය විරෝධි කටයුත්ත සිදු කළ කැළුම් නැමැත්තා අනිවාර්යෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදි විශාල මුදලක් ඒ ප්‍රදේශයේ දේශපාලකයන් වෙත වියදම් කර ඇති බවය.
දැන් මේ සියල්ල තවත් හොදින් පෙනෙන්ට පටන් ගෙන තිබුනේ  මෙසේ  ඇල ගොඩකරමින් අල්ලාගත් ඉඩමේ ඉදිවු  හෝටලය 2013 දෙසැම්බර් 01 වනදා  ඇමති බැසිල් රාජපක්ෂ විසින් විවෘත කිරිමකිරිමය.

ඇලක් තබා ඇල රක්ෂිතය හෝ මෙසේ ගොඩ කිරිම බරපතල වරදක් වුවද ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින්ගේ සහ දේශපාලකයන්ගේ  පුර්ණ අනුග්‍රහය මත අධිකරණයෙන්ද නිදහස්ව දැන් සතුටින් කල් යවති..
ඉපැරණි ඇල මෙසේ ගොඩ කර  අළුත් ඇල මාර්ගයක් කැපිම හරහා මේ ව්‍යාපාරිකයාට පර්චස් 10 ක් පමණ වැඩිපුර ඉඩම් ප්‍රමාණයකක්ද අල්ලා ගැනිමටද හැකිව ඇතැයි ප්‍රදේශවාසින් පවසති.
නීතියේ ආධිපත්‍ය බිදවැටිමේ ඇති අයුරු ගැන කියන්නට මීගමුවේදුි තවත් උදාහරණ අවැසිද ? මෙ සියල්ල සිදුවුයේ ලංසා පවුල් හවුල් පාලනය යටතේය.

රැනෝවේල් හෝටලය විවෘත කළ දා

ඒ පාලනයත් එක්ක අත්වැල් බැදගෙන මීගමුවේ පරිසරය සුරකින්නට මේ මස අවසානයේ පාගමනක් සංවිධානය කර ඇති බව වාර්ථා වේ.
ඒ ගමන නගර සභාවෙන් පටන් ගෙන නිමවෙන්නේ වෙරළ උද්‍යානයෙනි.
මිගමුවේ කඩොලාන අක්කර 8 ක් කපා කඩොලාන විනාශ කළ මිගමුවේ පරිසරය විනාශ කරපු ලංසා පවුල හවුල් පාලනය යටතේ පවතින මහනගර සභාවත් එක්ක පරිසරය සුරකින්න යන තරුණ පරපුරට දෙයියන්ගේ පිහිටය.