සිතියම් ගත ඇලක් වසා දැමු ව්‍යාපාරිකයා එකි බරපතල වරදින් මුදා හැරියේ කව්ද????

0
164

කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම් සලකුණු කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මා ඔයට ගලා බැස ගිය තෝප්පුව ඇල නම් වු ඉපැරණි ඇල කැළුම් නම් ව්‍යාපාරිකයා 2011 ඔක්තෝබර් 08 වෙනිදා වසා දමා අලුතින් ඇලක් කපන්නට පියවර ගෙන තිබුණි.

තෝප්පුව ඇල කොළඹ හලාවත මාර්ගයට හරහා මාඔය කරා ඇදෙන්නේ කොච්චිකඩේ නගර පසුකර මීටර් 100 පමණ හලාවත දෙසට ගමන් කරද්දිය.මේ ඇල මීගමුව හ කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ දෙකටම අයත්ය.

මෙම ඇල මා ඔය කරා ඇදෙන්නේ  කලින් තුෂාර සුපර් මාකට් දැන් ආර්පිකෝ සුපරි වෙළද සැලේ ගොඩනැගිල්ල අයත් කැළුම් යන  අයගේ ඉඩම් දෙකක් මැදින්ය. එනම් ඇල ඉවුරේ මා ඔය පැත්තට වෙන්නට පිහිටා ඇත්තේ ඔහු සතු වු මුල් ඉඩමයි.

දැන් ආර්පිකෝ සුපර් මාකට් පිහිටා ඇති ස්ථානයේ පිටුපසින් තවත් ඉඩම් කැබැල්ලක් කැළුමි මිලට ගෙන ඇත.

කලින් ඇල දිව ගියේ මේ ඉඩම් දෙක මැදිනි.මේ ඇලෙහි දකුණතට වු වංගුව කිසියම් ආකාරයකින් කෙලින්කර ගත හැකි වන්නේ නම් ඉඩමි දෙකක යා කර එක් විශාල ඉඩමක් සකසා ගැනිම ඔහුගේ එකම පැතුම විය.

තෝප්පුව ඇල වනාහි මීගමුව සහ කටාන යන ප්‍රාදේ ශීය ලේකම් කොට්ටාශ දෙක වෙන්කරනු ලබන මායිම් ඇලයි.රාජ්‍ය දේපලක් වු ඇලක ස්වාභාවික පිහිටිම වෙනස් කර එය ගොඩ කර අලුතින් ඇල මාර්ගයක් තනා ලන තෙක් රාජ්‍ය නිළධාරින්ද දේශපාලකයන් පමණක් නොව මහජනතාවද කළේ කුමක්ද  කාටත් දැන් ගැටළු  සහගතය.

විශේෂයෙන්ම මේ අනිතික ක්‍රියාව සිදුකළ සමයේ මීගමුව සහ කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල වගකිම් දැරු ප්‍රා දේශිය ලේකම්වරැන් මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග අනිවාර්යෙන්ම විමර්ශනයට ලක් කළ යුතුව ඇත.එමෙන්ම මේ කොට්ටාශ දෙකේ ග්‍රාම නිලධාරි වරුන් මේ අනිතික ක්‍රියාවට ප්‍රතිචාර දක්වා ඇති අන්දමද අනිවාර්යෙන්ම විමර්ශනය කළයුතුව තිබේ.

කැළුම් නම් මේ ව්‍යාපාරිකයා මේ නිති විරෝධි කටයුත්ත සදහා පළාත් පාලත් පාලන මැතිවරණ දිනය තෝරාගත්තේ ඇයි????

එනම් ආණ්ඩු පක්ෂයෙන් මේ කලාපයේ දේශපාලකයන් මේ ව්‍යාපාරිකයාට මේ නිතිවිරෝධි ක්‍රියාව  සදහා කොළ එළි දල්වා තිබුණිද,,,

නියෝජ්‍ය නගරාධිපති සකාවුල්ලා, බන්දුල නාඔටුන්න සහ සුනිල් සිල්වා යන නාගරික මන්ත්‍රින් මේ නිති විරෝධි ක්‍රියාව අරඹයා නිහඩව සිටියේ ඇයි??????