සිනමාවේ නම රන්දා අපගෙන් සමුගත් පිටිපන සිල්වා.

0
314

 

සම්පූර්ණ නම පිටිපන සිල්වා

උපන් දිනය – 1928.01.02

පියා ප්‍රැන්සිස් සිල්වා

මව මරියා ප්‍රනාන්දු

ඉගෙනගත් පාසල පිටිපන රෝ.. විදුහල, ශාන්ත මරියා, මාරිස්ටෙලා, කඳාන ඩී. මැසනඩ් යන විදුහල්වල අධ්‍යාපනය ලැබුවා.

 

ඔබේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්

දරුවන් අට දෙනෙක් ඉන්නවා. හැමෝම විවාහකයි. ඒ අයව කලාවට යොමු කළත් ලැබීමක් තිබුණේ නැහැ ඒ අංශයෙන් යන්න.

මුලින්ම කලාවට සම්බන්ධ වුණේ

මම පාසල් යන කාලේ මුලින්ම වයස අවුරුදු 10 ක් තරමේ කාලේ විකට චරිතයක් රපාමින් තමයි ආරම්භ කළේ. මම ඒකාලේ නාට්‍ය කණ්ඩායමක සිටියා. අපි ගමින් ගමට යමින් නාට්‍ය කළා.

චිත්‍රපට කලාවට සම්බන්ධ වුණේ කොහොමද?

1954 මාතලන් චිත්‍රපටියෙන් මගේ දක‍ෂතා දැක්ක හියුගෝ මාස්ටර් තමයි මාව යොමු කළේ. වගේම මට උදව් කළේ.

ඔබ  රඟපාපු චිත්‍රපටි කීපයක නම් කිව්වොත්

මාතලන්, නළ, සැකය, ගොපළු හ ආදී වශයෙන් චිත්‍රපට 24 ක පමණ රපාලා තියෙනවා.

පෑමට අමතරව ඔබ සම්බන්ධ වූ වෙනත් අංශත් තිඛෙනවාද?

මම චිත්‍රපට 3 ක දෙබස් ලිව්වා. නළඟ, සැකය, සසරක හැටි මීට අමතරව චිත්‍රපටි 07 ක සහාය අධ්‍යක‍ෂක ලෙස කටයුතු කරලා තියෙනවා. කලින් කියපු චිත්‍රපටිවලට අමතරව ගොපලූ හ, වීර විජය, ඔහොම හොඳඳ? රන් රසකියන චිත්‍රපට.

මේ ෙක‍ෂ්ත්‍රයට සම්බන්ධ වෙන්න ඔබට උදව් කළ අය ගැන මතක් කළොත්.

මගේ තාත්තා. ඔහුට ඇත්තටම ඕන කළේ මාව නළුවෙක් කරන්න. මම රපාද්දි තාත්තා කෑගහලා හිනාවෙනවා. මට ඒ ඩ තාමත් ඇහෙනවා වාගේ. මීට අමතරව හියුගෝ මාස්ටර්, එස්.එම්. නායගම් සහ පැට්ට්‍රික් රුද්‍රිගු යන මහත්තුරුත් මට ගොඩක් උදව් වුණා.

කලා ජීවිතේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇතිනේ.

මම පිස්සු චරිතයක් චිත්‍රපටියක රඟපෑවා. ඇන්තනි සී. මාව තල්ලූ කරනවා හෙලකට. චිත්‍රපටිය ර දක්වද්දී මාව වැටෙන කොට අපේ ගාඩ්ලා මාව අල්ලගත්තා. හෙලට දැම්මේ මම වගේම පෙනුමට හදපු පඹයෙක්ව. ඌ පහළට වැටිලා කෑලි කැඩිලා විසිවෙන එක දැක්කම මට පුදුම බයක් ඇති වුනේ.

ඔබට ලැබිලා තියෙන සම්මාන ගැන කිව්වොත්

1994 කලා භූෂණ සම්මානය

රූපවාහිනිය චිත්‍රපට කලාවට බාධාවක් ද?

රූපවාහිනිය තමයි චිත්‍රපට කලාව විනාශ කළේ.

විකට චිත්‍රපට රැල්ල ගැන ඔබේ අදහස මොකක්ද?

කව්රුත් තරහ වෙන්න එපා. මම විකට චිත්‍රපට වලට හරිම කැමතියි. ත් දැන් තියෙන විකට චිත්‍රපට වලට හිනායන්න නම් තව කව්රු හරි ඉඳන් කුචු කවන්න ඕනා. මම විශ්වාස කරන විදියට එඩී ජයමාන්නගෙන් පස්සේ ජෝ අබේවික්‍රමයි තමයි අපට හිටපු හොදම විකට නළුවෝ.

නවක නළු නිළියන්ට ඔබ දෙන පණිවුඩේ මොකක්ද?

අපි රගපෑවේ සල්ලිවලට නෙමෙයි. කලාවට තියෙන ආසාවට. කලාවට සේවයක් කරන්න. මුදල් බලාගෙන මුදල්වලට යටවී කලාවේ යෙදෙන්න එපා.

විශේෂ යමක් ඔබට කීමට තිඛෙනවාද?

මා කලාවට කළ සේවයට මටත් මගේ කලාවටත් ගරු නොකිරීම ගැන කණගාටු වෙනවා. නුසුදුස්සට තැන ලැබුණා. සුදුස්සට නෑ.

අනාගත බලාපොරොත්තු

මට දැන් වයස 74, මම රෝගියෙක්. මට රැකියාවක් නෑ. මගේ බිරිඳ මානසික රෝගියෙක් වෙලා. දැන් මාස 6 ක් විතර වෙනවා. අපි ගත කරන්නේ කරදරකාරී ජීවිතයක්. කිසිදු කලාකරුවෙක් හෝ කලාකාරියක්ගෙන් මට කිසිම සැලකිල්ලක් නෑ. ගරු ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය මට 1994 ඉඳලා අද වෙනකම් ජනාධිපති අරමුදලෙන් මාසිකව රුපියල් 2000 ක් දෙනවා. කෙන් දුකෙන් කරදරයෙන් ජීවත් වෙනවා. දැනට මාව ඉඳලා හිටලා හරි බලන්න එන්නේ ඇන්ටන් ග්‍රෙගරි සහ නිමල් සිල්වා යන අධ්‍යක‍ෂක මහත්වරුන් පමණයි

ඔබේ ලිපිනය

නො. 545, පුබුදු මාවත, පල්ලන්සේන වත්ත, දලූපොත.

(  මීගමුව සිනමාකරුවන් පිළිබදව මීපුර පුවත්පතේ ලියැවුන ලිපි මාලාවෙන් උපුටා ගැනුනි.මීට වසර කිපයකට පෙර පිටිපන සිල්වා මහතා අපගෙන් සදහම සමුගත්තේය.)