අපේ සිනමා රසිකයා තාමත් සිටින්නේ මහා නරාවලකම යැයි නැනවතත් සිතුනේ පසුගිය සතියේ දවසකය.මා මගේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ කොළඹ රීගල් සිනමා ශාලාවට ගියේ මෑත කාලයේ රට තුළ දැවැන්ත මතෙෘකාවක් බවට පත් වූ මෙන්ම ලංකා අධිකරණ ඉතිහාසයට දැවැන්තම කලු පැල්ලමක් එක්කළ සිදුවීමක් පාදක කරගනිමින් නිර්මාණය කළ ” උසාවිය නිහඬයි” චිත්‍රපටය නැරඹීමටය.
කාර්යාලයෙන් බැහැරවන විටත් වේලාව 4.15 පසුව තිබූ නිසා අප ත්‍රීරෝද රථයක නැඟී රීගල් සිනමා ශාලාවට ගියේ ආසනයක් ලබා ගැනීමට හැකි නොවේදැයි යන කුකුසත් සිතේ දරාගෙනමය.
නමුත් අපේ සිත්තුළ වූ දෙගිඩියාව සිතුවිල්ලකටම පමණක් සීමා වූයේඅප එහි යන විටත් දර්ශනවාරය ආරම්භ වී නොතිබුණු බව දැන ගැනීමත් සමඟය.
ලාංකික සිනමා රසිකයා කොතෙක්නම් දුප්පත් දැයි හැඟුණේ සිනමා ශාලාව තුලට ගිය පසුවය.
ශාලාව තුළ සිටියේ 50 කට ආසන්න පිරිසකි.බැල්කනියේ සිටි පිරිසත් සමඟ 60 – 75අතර පිරිසක් දර්ශන වාරය සඳහා සහභාගීවන්නට ඇත.
ඒ අතරිනුත් තලතුණා වයසේ සිටි පොෂ් යැයි ගැලරියට පෙන්වීමට උත්සාහකළ මහතෙකුගේ ජංගම දුරකතනය නිතරම
නාද වෙයි.ඒ නාදවන සෑම අවස්ථාවකම ඔහු මහා හඬකින් කතා කරමින් තම පොරත්වය ගැලරියට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ දර්ශනවාරය අවසන්වන විට ආසන හතරක පමණ වාඩිවෙමිනි.
අඩුම තරමේ ඔහුට තමාගේ ජංගම දුරකතනයේ සයිලන්ට් මෝඩ් එකවත් සක්‍රීය කර ගැනීමට උවමනාවක් නොතිබුණි.
ඒ කෙසේවෙතත් සිනමාපටය ගැන මගේ අදහස නම් එය ටක්කෙටම ඉලක්කය ගෙන නිර්මාණය කර ඇති බවය.එහි සාකච්ඡා වන්නේ අධිකරණයේ සිදු වූ අධම සිද්ධියක් පමණක්ම නොවේ.එහි එක් තැනක මෙසේ ඇත.( වචන හරියමට මතක නැත.)
“පොල්පිතිගම යැයි සඳහන් නාම පුවරැව අපිට තෙරුවන්සරණ පතද්දී අපි එහි යනවිටත් පොල්පිතිගම කාන්තාවන් හයසිය ගණනක් මැදපෙරදිග ගොස් තිබුණි.”
එය පොල්පිතිගම පමණක් නොව අපේ සමාජයටම පොදු වූ කාරණයකි.ලෙනින් රත්නායක අතින් දූෂණයට ලක්වෙන කානතාවන දෙදෙනා මැදපෙරදිග ගොස් නොතිබුණේ ඒ සඳහා ඔවුන්ට මුදල් නොතිබූ නිසා විය හැක.
නමුත් මැදපෙරදිග ගෘහසේවිකා රැකියාවට යන කාන්තාවන් රැසකට අත්විඳින්නටවන අත්දැකීමක් ලංකාවේ සිටි නිසාවෙන් ඔවුන්ට ලෙනින් රත්නායකගෙන් අත් විඳින්නට සිදුවිය.
ලෙනින් රත්නායක ගැන කළ පැමිණිල්ල පිළිබඳ පාර්ලිමේන්තු පාරේ නාගස් සෙවණක මෝටර් රථයක් තුළ යටකලිසම පිටින් සිටිබව පැවසෙන අගවිනිසුරුවරයෙකුගෙන් යුක්තිය ඉටු නොවන්නේ තම පැවැත්ම ඔහු ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසා මිසෙක අන් කිසිවක් නිසා නොවේ.
එහෙත් තම දරුවා කුරුණෑගල ප්‍රධානපෙලේ පාසැලකට ඇතුළු කර ගැනීමට යැයි පවසමින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් යොමු කරන ෆැක්ස් පණිවිඩයක් ලෙසින් ව්‍යාජ ෆැක්ස් පණිවිඩයක් යොමු කළ බවට පැවසෙන විනිසුරුවරයෙක් “උසාවිය නිහඬයි” චිත්‍රපටයේ වාරණ නියෝගය ඉවත් කරන්කට තීන්දුව දෙන්නට ඇත්තේ ද හදවතට එකඟව නොවේ.මන්ද ඔහුද ඔහුගේ පන්තිය වෙනුවෙන් පෙනීසිටින නිසාවෙනි.
“උසාවිය නිහඬයි” වාරණය ඉවත්වූයේ හුදෙක්ම සිවිල් සමාජයේ මැදිහත්වීම නිසාවෙන්ය.ඒ නිසා ඔවුන්ට ඒ ගෞරවය ලබාදිය යුතුමය.
නමුත් ඔවුන් කළ ඒ කැපකිරීමට ලංකාවේ සිනමා රසිකයන් කළගුණ සැලකුවාදැයි ගැටලුවක් මතුවේ.මගේ හැගීමනම් එවන් කළගුණ සැලකීමක් වාරණය ඉවත් කර ගන්නට කැපවූ සිවිල් සමාජයටවත් අධ්‍යක්ෂවරයාටවත් අපේ සිනමා රසිකයන්ගෙන් නොලැබූණ බවය.
එවන් කළගුණ සැලකීමක් ලැබුණානම් සිනමාශාලාවල උසාවිය නිහඬයි දර්ශන වාරය මීටවඩා සශ්‍රීකවන්නට ඉඩ තිබුණි.නමුත් එසේ වූයේ නැත.
අපේ සිනමා රසිකයන් තාමත් කියන්නේ සෑම චිත්‍රපටයක්ම සින්දු,ෆයිට් වලින්ම සමන්විත විය යුතු බවද?
අපේ රටේ විකල්ප සිනමාවට අවස්ථාවක් දීමට සිනමා රසිකයන් එකඟවන්නේ නැද්ද ?
ඔවුන් එසේ එකඟ නොවනතාක් කල් අපේ රටේ “ආනන්ද් පට්වර්ධන්ලා” බිහි නොවනු ඇත.
උපුටා ගැනීම – http://rasthiyadumanamalaya.blogspot.com