” සියල්ල අපේ පාලනයෙන් ගිලිහුණා. පොලීසිය පසුබැස්සා මම T -56 ක් අරගෙන අහසට වෙඩි තැබුවා” නි. පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන

0
72

(16.25 pm) 2011 මැයි මස 30 වනදා කටුනායක  ආයෝජන කලාපයේ  පැවති විරෝධතාවයකදී  පොලිස් වෙඩි පහරින් මියගිය සිදුව  රොෂේන් චානකගේ ඝාතන නඩුවේ තවත් සාක්ෂි කැදවීමක් ඊයේ  මීගමුව මහා අධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණවිරාජ මහතා ඉදිරියේදී  පැවැත්විය. මෙම සිදුවීම අවස්ථාවේදී  මීගමුව පොලිස් අධිකාරීවරයාව සිටි සුනිල් චන්දන ගලප්පත්ති මහතා සහ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ජගත් අබේසිරිගුණවර්ධන යන මහත්වරුන් ඊයේ  මහා  අධිකරණය හමුවේදී සාක්ෂි දෙන ලදී.
P1070474 new

මෙම නඩුවේ පැමිණිල්ලේ පාර්ශවය වෙනුවෙන්  නිතිපති දෙපාර්තමෙන්තුව නියෝජනය කරමින්  පෙනී සිටින අධිනීතිඥ උදාර කරුණාතිලක  මහතා විසින් නඟන ලද ප්‍රශ්න වලට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්  වන  ජගත් අබේසිරිගුණවර්ධන මහතා විසින් පිලිතුරු ලබාදෙන ලදි.
ආරම්භය – 11.50 පෙ.ව

ඔබ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැදුනේ කුමන අවුරුද්දේ ද? – 1967-07-06 වන දින පොලිස් සේවයට බැදුණා. 1987 දී සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පත්වීම් ලැබුවා.
2011 මැයි 30 වනදා ඔබ රාජකාරි භාරව සිටියේ කුමන ප්‍රදේශයේද? – කුරුනෑගල දිස්ත්‍රික්කයේ.

ප්‍ර-      ඔබට ඒ වන විට විරෝධතා ,උද්ඝෝෂන  සිදුවීම් කීයක පමණ අත්දැකීම් තිබුණා ද?–   ඒ වනවිට හතක් අටක් වගේ
ප්‍ර-      එවැනි උද්ඝෝෂණ,විරෝධතා  විසිරුවා හැරීමේ නෛතික රෙගුලාසි තිබෙනවා ද? –  තිබෙනවා. පොලිස්  දෙපාර්තමේන්තු නියෝග  වල 17 වෙනි පරිච්චේදයේ
දන්ඩ   නීති  සංග්‍රහයක් තිබෙනවා.
ප්‍ර – යම් විරෝධයක් උ්ඝෝෂනයක් මැඩපවත්වනවා නම් එයට ක්‍රමවේදයක් තිබනවාද ?–  ඔව් අවස්ථානාකූල ක්‍රමවේද ලබාදෙන්ඩ පුලුවන්. ඒ අවස්ථාවට
අනුව    ස්ථානෝචිතව කටයතු කළ හැකියි.
ප්‍ර – කවුද ඒ නියෝග ගන්නේ ? – පොලිස් ස්ථානයකට බැරි නම් ජේ්‍යෂ්ඨ නිලධාරීන් තමා නියෝග ලබාදෙන්නේ. ඒ සදහා අවශ්‍ය මානව හා භෞතික සම්පත්  ලබා ගැනීම සිදුකරනවා. කොහෙන් ද ඒ සම්පත් ගන්නේ කියලා අවසාන වශයෙන් ජේෂ්්‍යට නිලධාරීන් තමයි තීරණය කරන්නේ.
ප්‍ර–  පොලිස් නිලධාරීන් අවි ආයුධත් සමඟ ද කැඳවන්ෙන් ? – සාමාන්‍යයෙන්අවි ආයුධ නැතිව තමා එන්නේ. අවශ්‍ය නම් දැනුම් දෙනවා අවි ආයුධ  රැගෙන එන්ඩ කියලා. සාමාන්‍ය කුඩා ගිනි අවි උද්ඝෝෂන වලට පාවිච්චි කරන්නේ නෑ.
ප්‍ර- ලබාදෙන පොලිස් පණවිඩයේ  සඳහන් කරනවද අවි ආයුධ ගේන්න කියාලා – ඔව් අවශ්‍යනම් පමණයි.
ප්‍ර  උද්ඝෝෂණ මර්ධනයේදී අවශය වන අනෙක් උපකරණ වන ජල විඳින යන්ත්‍ර සහ කැරලි මර්ධන උපකරණ කොහොම ද ලබාගන්නේ?
පි –  කැරලි මර්ධන ඒකකය සහ විශේෂ කාර්්‍ය බලකාය  එනවිට ඒ උපකරණ සමගම තමයි එන්නේ.
ප්‍ර – බැරිගේට් ගෙන්වා ගන්නේ කොහොමද? – ප්‍රදේශ වලින් හොයා ගන්ඩ බැරි වුණොත් අවට කොට්ඨාශ වලින්  ගන්වා ගන්නවා.
ප්‍ර උද්ඝෝණයක් හෝ විරෝධතාවක් පාලනය කරද්දී  පොලිස් නිලධාරීන්ගේ  පුද්ගලික ආරක්ෂාවට දෙන උපදෙස් – බූට්ස් පැලඳීම,බැටන් එක,ජැකට්,හෙල්මට් සහ ප්ලාස්ටික් පටි පැළඳීම
ප්‍ර  – එවැනි භෞතික සම්පත් සඳහා උපදෙස් දෙන නිලධාරීන් කවුද ? – කොට්ඨාශ භාර නිලධාරීන්ට තමා වගකීම වැඩියි. නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් පැවරෙනවා.
ප්‍ර – කොට්ඨාශ භාර පොලිස් නිලධාරීන්ට පැවරෙන්නේ මොනවාද ? – සන්නිවේදන පහසුකම් ලබාදිම, නිලධාරීන් යෙදවීම.

ප්‍ර – පොලිස් දෙපාර්තමේන්තු නියෝග වලට අනුව වෙඩි තැබීමක් කළ හැක්කේ  කුමන අවස්ථාවක ද?  -කලහාකාරී පිරිසක් විසින්  ඒ  අවස්ථාවේ අපරාධයක්,මිනිමැරීමක් හෝ බරපලත ලෙස කොල්ලකෑම් සදහා නිවාස දේපළ,වෙළදසැල් බඩු ගිනි තැබීම් හෝ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමේදී- එමෙන්ම දිවාකාලයේ හෝ රාත්‍රී කාලයේ ගේ දොරවල බඩු,පුජනීය ස්ථාන වලට මරණීය වැරදි සිදුවන ලෙස පහරදීමට උත්සාහා කළහොත් එම කලහාකාරීන්  නැවැත්වීමට අනතුරට පත් තැනැනත්තාගේ දේපළ ආරක්ෂා කිරීමට  ඔවුන්ට වෙඩි තැබීමට  අධිකාරියක් ඇත්තේය
ප්‍ර – එය කළ යුතු විණයානුකූල ක්‍රමයක් තිබෙනවා ද? – අප ඊට කලින් අවම බලය පාවිච්චි කර ඔවුන් විසිරුවා හැරීමටඋත්සාහා කරනවා.
ප්‍ර – වෙඩි තැබීමට පෙර සූදානම්වීමට නියෝග නිකුත් කළ යුතුද ? – එහෙමයි
ප්‍ර අණක් නිකුත් විය යුතුද ? – එසේ විය යුතුයි.
ප්‍ර – වෙඩි තැබීම නැවත්වීමටත් නියෝග නිකුත් කළ යුතුද ? – ඔව්
ප්‍ර – වෙඩි තැබීමට නියෝග දීම සදහා හඳුනාගත් නිලධාරීන්  පත්කරගන්නවා ද? – පත්කරගත යුතුයි.
ප්‍ර – වෙඩි තැබීමේ නියෝගය නිකුත් කළ යුත්තේ  කොයි විඳියට ද ? – අදාළ නිළධාරියාගේ නම ප්‍රකාශ කරලා උස් හඩින් කියන්නට ඕනා.

ප්‍ර 2011 මැයි මස 30 වනදා  සිද්ධිය වෙද්දී ඔබ ක්‍රියා කළේ කුරුණෑගල දිස්ත්‍රික්කය බාරව.  කවුද ඔබව කැදෙව්වේ ? – පොලිස්පති නියෝගයක් අනුව දුරකථන පණවිඩයක් මගින්
ප්‍ර – 30 වනදා වනවිට එම සිදුවීම සිදුවූ ප්‍රදේශය අයත් කොට්ඨාශය  – මිනුවන්ගොඩ
ප්‍ර – කවුද ඒ කොට්ඨාශය බාරව සිටි පොලිස් අධිකාරීවරයා – චන්දන ගලප්පත්ති මහතා
ප්‍ර ඔබව කැදෙව්වේ කවුද ? – ජේ්‍යස්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා තමා කැදෙව්වේ
 ප්‍ර –  ඇයි – නීතිය හා සාමය  ආරක්ෂා කිරීමට
ප්‍ර – කොහේ ද? – ආයෝජන කලාපය තුළ
ප්‍ර  – සිදුවෙමින් තිබුණ දේ ඔබ දැන සිටියා ද ?-  පුද්ගලික විශ්‍රාම වැටුප් පනතට අනුව ආයෝජන කලාපය තුළ සේවක සේවිකාවන් සේවය අත්හරිමින්, මෙම පනතින් ඔවුන්ගේ  අර්ථසාධක අරමුදල නැතිවේ යැයි යන අදහසින් මෙම උද්ඝෝෂණයේ නිරත වුණා.
ප්‍ර  – මෙම ස්ථානයට ගියාට පසුව මුලින්  ලැබුන උපදෙස් – අංක  04 ගේට්ටුවට  නිලධාරීන් යොදවන්ඩ කියලා. ඊට පස්සේ එම ස්ථානයට දේශපාලන අධිකාරියෙන් නියෝජිත පිරිසක් පැමිණියා.
ප්‍ර – ඊට පස්සේ – ඔවුන්  සේවක පිරිසක් සමග සාකචඡා කිරීමට ඒ අසල තිබූ රැස්වීම් ශාලාවට කැදවාගෙන ගියා. ඒ අතරේදී දැනගන්ඩ ලැබුණා 04 වෙනි ගේට්ටුව අසල පිරිසක් කලබල කරමින් සිටින බව.
ප්‍ර – කවුද දැනුම් දුන්නේ ? – ජේ්‍යෂ්ඨ පොලිස්පති දැනුම් දුන්නා
ප්‍ර – 04 වන ගේට්ටුව අසලට ගියේ කීයට ද – 10 ට විතර
ප්‍ර – මොකක්ද සිද්ධ වුණේ ? – ඒ වෙලාවේ ගේට්ටුව ඇතුලේ 1000ක් පමණ සිටගෙන සිටියා. අපි උත්සාහා කළ ඔවුන්ව වාඩි කරවන්ඩ.
ප්‍ර ඔබ එතනට යනවිට  පොලිස් නිලධෘරීන් සිටිායද ?  _ ඔව් -50ක් විතර හිටියා
ප්‍ර- ඒ අතර අප පොලිස් පරීක්ෂකවරු හිටියද ? – හිටියා
ප්‍ර – ඔවුන් කොහේද හිටියේ – ගේට්ටුව සහ උද්ඝෝෂකයින් අතර ඔවුන් හිටියා.
ප්‍ර – පස්සේ මොකද වුණේ ?- උද්ඝෝෂකයින් ගේට්ටුව සහ ආයතන වලට ගල්වලින් ගැහැව්වා. එම කර්මාන්ත ශාලා වල සිටි සේවක සේවිකාවන් එතනට ගෙන්වා ගත්තා. ඒ වෙද්දි  5000කට වැඩි පිරිසක් හිටියා. අපි උත්සාහා ගත්තා ඉදිරියේ සිටි අයව වාඩිකරවන්ඩ.
ප්‍ර ඊළගට මොකද වුනේ  ? – අපි එම ස්ථානයේ හරස් අතර පොලිස් නිලධාරීන්ව යෙදෙව්වා.ඔවුන්ව ප්‍රධාන මාර්ගයට ඒම වැලැක්වීමට උත්සාහා ගත්තා.
ප්‍ර – ඊට පස්සේ – ඔවුන්ගේ ප්‍රෙකා්පකාරී හැසිරීම් වැඩිවුණා. පොලිස් නිලධාරීන්ට කුණු හරුපෙන් බැන වැදුණා.  ගල් මුල් වලින් ගැහැව්වා.
මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් උත්සාහා ගත්තා ඔවුන්ව විසිර යැවීමට. ඒ අතරතුරදී දේශපාලන අධිකාරියේ නියෝජිතයන් 04 වෙනි ගේට්ටුවට පැමිනියා
ප්‍ර ඔවුන් කවුරුන්ද – ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ,නිමල් ලාන්සා,සහ සරත් කුමාර යන දේශපාලකිය්න
ප්‍ර ඔවුන් ඇවිත් මොනවද කලේ ? – ඔවුන් කිව්වා රජය මෙම පනත ඉල්ලා අස්කරගන්නවා කියාලා. සේවකයන් කිව්වා ඒ බව ලිඛිතව දෙන්ඩ කියලා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දැනුම්දුන්නා මෙම පනත ඉල්ලා අස්කරගැනිම සම්බන්ධයෙන් රූපවාහිනයේ  දැනුම්දීම් කරනවා කියාල.
ප්‍ර ඉන් පසුව මොකද වුනේ  ? – පොලීසියට තත්වය පාලනය කරගැනීමට බැරි වුනා. පොලීසිය කදුළු ගෑස් ගැහැව්වා. පසුව උද්ගෝෂකයින් ඒවා නැවතත් පොලීසිය වෙත ගැහැව්වා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පස්සට ආවා.
ප්‍ර පස්සේ ?  – අපි කැරලි මර්ධන නිලධාරීන් ඉදිරියට යැව්වා.
අපි කදුළු ගෑස් ගැහැව්වා. උද්ඝෝෂකයින් පොලිස් නිලධාරීන්ට ගල් මුල් වලින් පහර දුන්නා. නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරීන්  තුවාල ලැබුවා.
ප්‍ර – ඊටපස්සේ ? –  පොලිසියේ පාලනය ගිලිහුණා.
ප්‍ර – ඒ අවස්ථාවේ ඔබ දුටුවද චන්දන ගලප්පත්ති මහතාව ? – දැක්කේ නෑ
ප්‍ර පසුව මොකද වුනේ ? – නිලධාරීන් පසුබැස්සා. මම නැවත ඇවරිවත්ත  පොලීසිය ඇතුලට ගියා.
ප්‍ර එතන පොලිස් නිලධාරීන් හිටියද ? – එතන පොලීසිය පේන්ඩ හිටියේ නැ. ඒ අවස්ථාවේදී උද්ඝෝෂකයින් පොලීසිය දෙසට ගල්වලින් පහර දෙමින් හිටියා. නිලධාරීන් හතර අතේ දිව්වා.
ප්‍ර- කැරලි මර්දන නිලධාරීන් ආරක්ෂක උපකරණ වලින් සන්නද්ධ වෙලාද හිටියේ – නෑ
පොලීසිය ඉස්සරහා තිබූ වාහන සහ බස්රථයකට පහර දුන්නා. ඒවල වීදුරු බිදුණා. පොලීසියට ගල් ගැහැවු.
ප්‍ර- මොනා වලින් ද පහර දුන්ෙන් – ගල් වලින් ගැහැව්වා.පොලු වලින් ගැහැව්වා
ප්‍ර වැඩියෙන් පහරදුන්නේ මොනා වලින් ද ? – ගල් වලින්
ප්‍ර- ඉන් පස්සේ ඔබ මොකද කළේ ? –  මම පොලීසියෙන් T 56 ක් ගත්තා. ඉදිරියට ආවා. පොලිස් නිලධාරීන් ඉවත් කළා. මම අහසට වෙඩි තැබුවා.
ප්‍ර ඔබ  ආවරණ පැළදලාද හිටියේ ?–    මට හෙල්මට් එකක් නිලධාරියෙක් දුන්නා.
ප්‍ර- මොන පාට එකක් ද ? – කොල පාට එකක් ද?
ප්‍ර -ඔබ වෙඩි තැබුවේ කොයි දිසාවට ද ? – උද්ඝෝෂකයින්ට පෙන්ඩ අහසට
ප්‍ර –  පසුව මොකද වුණේ – උද්ඝෝෂකයින් මදක් පසුබැස්සා.  ප්‍රචන්ඩකාරි ස්වභාවයක් මදක් අඩුවුණා. කොටසක් පසුබැස්සා. පොලිස් නිලධාරීන්  උද්ඝෝෂකයින්ව එළෙව්වා.
ප්‍ර පසුව ඔබ කලේ කුමක්ද ? – මම නැවත තුවක්කුව  බාරදුන්නා.
ප්‍ර පොලිස් නිලධාරීන්  කුමක්ද කලේ ?–  පොලිස් නිලධාරීන් ගේට්ටුවෙන් ඇතුළට ගියා. උද්ඝෝෂකයින්  ඉදිරියට පහර එල්ල කරනවා – යනවා.
ප්‍ර පොලීසිය උද්ඝෝෂකයින් පසුපස හඹායන අවස්ථාවේ  ඔබ ඉදිරියට ගියා ද?-  නෑ
අපි තුවාලකරුවන් බස්වලට දාලා රෝහලට යැව්වා.
ප්‍ර – ඒ වනවිට වේලාව – 12 පහුවෙලා

ප්‍ර ඒ අවස්ථාවේදී ගිණි අවි අරගෙන නිලධාරීන් හැසිරෙනවා දැක්කා ද?–  ඔව්
ප්‍ර- ඊට පස්සේ මොකද වුණේ- මාව පොලිස්පතිවරයා විසින්  කැදෙව්වා පොලිස් මුලස්ථානයට.
ප්‍ර කොහොම ද ඔබ ගියේ ? – මගේ කාරෙකේ මගේ රියදුරා සමග
ප්‍ර  –  ඔබට තුවාල සිදුවුණාද ? – ගේට්ටුවෙන් ඇතුලේදී යම් දෙයක්  මගේ අතේ වැදුණා.

ප්‍ර – උද්ඝෝෂකියන් කලබල කළ අවස්තාවේදී , ඒ වෙලාවේ සිටිය යුතු ජේ්‍යෂ්ඨ නිලධාරීන් කවුද ? –  උසස් නිලධාරීන් ලෙස සිටිය යුත්තේ  යුත්තේ නවරත්න මහත්තයා.

ප්‍ර- ඔබද ඒ වෙලාවේ සිටිය යුතු ජේ්‍යෂ්ඨ නිලධාරියා – මම වෙන්ඩ ඇති.
ප්‍ර -ඔබ වෙන නිලධාරියෙකුට අණ දුන්නා දවෙඩි තැබීමට ? –  නැහැ
ප්‍ර -ඔබ හෝ ඉහළ නිලධාරියෙකු  පොලිස් කන්ඩායමකට වෙඩි තැබීමට නියෝග කළා ද? –  නැහැ
ප්‍ර – ඔබ අහසට වෙඩි තැබූ ස්ථානය කුමක්ද ? – පොලීසිය ඉදිරිපිය අංක 04 ගේට්ටුව තියෙන පාරේ පොලීසිය පැත්තේ සිට
ප්‍ර – කොයි මොහොතක හෝ ඔබ ඇතුළත ගිහින් වෙඩි තැබීමක් කළා ද? –  නැහැ


කුමාරි ප්‍රනාන්දු