
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ ඇතුළු සියලුම අංශවල සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පිවිසුම අසළ අද (08) දින විරෝධතාවයක් පැවැත්විණි.
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කැඳවා තිබූ මෙම විරෝධතාවය සඳහා රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති පුද්ගලික අංශයේ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති රැසක් එක්ව තිබිණි. සියලු සෙවකයින් සඳහා රු.10000 කින් වැටුප් වැඩිකිරීම ඇතුලු මූලික කරුණු 4ක් මුල්කරගෙන මෙම විරෝධතාවය රටපුරා ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.