සියලූ දරුවන්ට ලෝකය ජයගත හැකි අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙනවා – ජනපති

0
287

newsted 1newsted 2රටේ සියලූ දරුවන්ට ලෝකය ජයග්‍රහණය කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්න්වා දෙන බව ජනාධිපතිතුමා පවසයි.

දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය භෞතික සම්පත් නොඅඩුව ලබාදෙන අතරම සදාචාරවත් පරපුරක් ලෙස ඔවුන් ගොඩනැංවීමේ ක්‍රියාදාමය පාසල තුළින්ම ආරම්භ කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ගරු ජනාධිපති මෛති්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ ද්විත්ව ශතක ජයන්ති සැමරුම් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ජුනි 16 වනදා  පස්වරුවේ එක් වෙමිනි.

එදින  පස්වරුවේ විද්‍යාලයට ගිය ජනාධිපතිතුමාව සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා විදුහල්පතිනිය සහ ආචාර්ය මණ්ඩලය සමග සුහද කතා බහක නිරතවෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳවද විමසා බැලීය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජීවිතය ජය ගැනීමේ අභියෝගයද විභාග ජය ගැනීමේ අභියෝගය සමගම ජය ගැනීමට දරුවන් කටයුතු කළයුතු බවයි.newsted 3

මිනිස් ජීවිතවලට වඩා රුපියල් ශතවලට වටිනාකමක් ලබා දී ඇති සමාජය තුළ මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම කෙරෙහි සියලූදෙනාගේ අවධානය යොමු විය යුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

1815 බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ සමයේ ඇරඹුණු නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය තම පියසෙහි අකුරු කළ ලක්ෂ සංඛ්‍යාත බාලිකාවන් අධ්‍යාපනයෙන් මෙන්ම හැදියාවෙන් සහ චර්යාවෙන් ශික්ෂණයෙන් යුත් දරුවන් ලෙස සමාජයට දායාද කිරීමට මහඟු මෙහෙවරක් ඉටු කළේය.newsted 4

මේ වන විට සිසුවියන් 3500 ක් පමණ එහි අධ්‍යාපනය ලබති. අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, නියෝජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, පළාත් අමාත්‍ය නිමල් ලන්සා යන මහත්ම මහත්මින්ද විදුහල්පතිනි එච්.එම්.ගයානි හේරත් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුලූ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.newsted 6newsted 8newsted 9
http://www.president.gov.lk/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here