සියළු ඝාතකයන්ට එරෙහිව මාලිමා රජය කටයුතු කළ යුතු බව සරත් පියතුමා අවධාරණය කරයි.

0
235

සියලු ඝාතන ගැන සොයා බලා යුක්තිය ඉටු කිරිමේ මෙගා වැඩක් මාලිමා රජය විසින් ඇරඹිය යුතුයැයි ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් අවධාරණය කර තිබුණි

ජනපති අනුර සිය ජනපති ස⁣ටන තුල සිරස මාධ්‍ය ආයතනයේ පැවැති සජිවි වැඩසටහනකට එක්ව සි⁣ටි අවස්ථාවේ එය මෙහෙය වු මාධ්‍යවේදියෙකු තාජුජින් ඝාතනය ගැන,ලසන්ත සහ ප්‍රගිත් එක්නැලිගොඩ සම්බන්ධයෙන්ද විමර්ශනය කරන්නේ දැයි විමසා සිටියේය.

අනුර අනිවාර්යෙන්ම විමර්ශන කරන බවද කියා සිටි අතර කප්පම් ගැනිම සදහා තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම ගැනද සඳහන් කරන්නට යෙදුණි.

රාජපක්ෂ පාලන සමයේ ඝාතනය කරන ලද මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගණන 44කි.ඉන් 41 දෙනෙකුම දමිළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ය.

දකුණේ විද්‍යුත් මාධ්‍ය නිවේදකයන් දන්නේ ලසන්තලා ගැන පමණි.

කෙසේ වෙතත් ඉද්දමල්ගොඩ පියතුමන් විසින් කර ඇති අවධාරණය ඉතාමත් වැදගත්ය.

පාස්කු ප්‍රහාරය එකක් පමණි.කාර්දිනල් හිමියන් ඇතුළු කතෝලික සභාවේ අතිබහුතරයක් සිතන්නේද එලෙසය.

ඔවුන් ට යුද සමයේ දි ඝාතනයට ලක්වු ලක්ෂ සංඛ්‍යාත දුගි ජනයා ගැන මෙන්ම දමිළ පියතුමන්ලා ගැනවත් නිනව් නැත.

කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් දැඩි වෙහෙසකර කැපවිමක යෙදුන ඉල්ලමල්ගොඩ පියතුමා වැනි අයෙකු විසින් සියළු ඝාතකයන්ට එරෙහිව විමර්ශන කිරිමේ වගකිමෙන් කිසි ලෙසකින්වත් මාලිමා රජයට ඉවත යා නොහැක.

screenshot 20240925 0732178449746609253282682
screenshot 20240925 011308 com5974462498205642609

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here