සියළු දේවල් වල මිල ඉහළ යද්දී බිත්තර මිල පහළට ?

0
376

බිත්තර යනු ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ආහාරයකි. කේක් වර්ග වල සිට විවිධ ආහාර වර්ගයන්ට බිත්තර සමග ඇත්තේ සෘජු සම්බන්ධතාවයකි.
රු. 27, 28 වැනි මිල ගණන්වල සිට අද බිත්තරයක් රු. 17, 16 වැනි මිලක් දක්වා පහළ බැස ඇත.

මේ අනුව පිටි නිෂ්පාදන වලට අදාල තිරිඟු පිටිවල හිඟයක් පැවති අතර ඒමත නිෂ්පාදනය වන සියළු ආහාර වර්ග වල මිල ඉහළ යන ලදී . මේ පිළිබඳව කුඩා කඩ හිමියන් මුහුණ දෙන්නේද අර්බුද කාරී තත්ත්වයකි. එබැවින් මේ ගැන විමසා බැලීමේ අවශ්‍යතාව මත මා එවැනි සුළු කඩ හිමියන් කිහිප දෙනෙකු හමුවිය.

මේ අනුව ප්‍රථමයෙන්ම හමුවූයේ මීගමුව , ඇවෙන්ඩ්‍රා හෝටල් සංකීර්ණය ඉදිරිපිට බිත්තර ව්‍යාපාරික නවාස් මුදලාලිවය.
ඔහුට අනුව බිත්තර මිල පහළට යන හේතුව පිටි හිඟය, ගෑස් අර්බුදයද බලපෑමෙන් පිටි වලින් නිපදවන කෑම වර්ග නිපදවීම අඩුවීමයි. කෑම කඩ කරගෙන යාම අපහසු වීමයි.

කුඩා කඩ හිමියෙකු වන ප්‍රදීප් මහතා ප්‍රකාශ කරන්නේද ඉහත අදහසට සමාන අදහසකි. පිටි හිඟය සහ ඒ මත කෑම කඩ වැසීයාම, ඔහු මුහුණ දෙන අත්දැකීම අනුව විස්තර කරන ලදී. සතියක් තුළ තමන්ගේ පාන්පිටි තොගයෙන් විකිණුනේ පාන්පිටි කිලෝවක් පමණක් බව ඔහු පවසයි.

ප්‍රසාද් , ඉන්දිමාල් , ඇතුළු කිහිප දෙනෙකුද තමන්ගේ අදහස් දක්වමින් තහවුරු කළේද පිටි වළින් කළ නිෂ්පාදන වලට බාධා පැමිණීමයි.
අද මිල තීරණය වන්නේ කඩේ මුදලාලි ගේ අවශ්‍යතාවය මතය. දුගියා තම කුසගිනි නිවා ගන්නා ප්‍රධාන ආහාරය වන පාන් ගෙඩිය අද රු. 75/ ,80/ වැනි මිලකට අලෙවි කරයි .

බනිස් , රොටි වැනි ආහාර වර්ග වලමිල ද විවිධ ස්ථාන වල විවිධ ලෙස ඉහළට එසවී ඇත. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල නිශ්චිතව දැනගත නොහැක . එය දැනගත හැක්කේ අදාල ද්‍රව්‍ය මිලදී ගන්නා අවස්ථාවේ පමණි . මේ අනුව අද අප රටෙහි ජනතාව පසුකරමින් සිටින්නේ ඉතා අභග්‍ය සම්පන්න කාල වකවානුවකි.



සැම්සන් ඥානසිරි