සියළු භේද මැඩ මිනිස්කම මතුකෙරෙන ආදර්ශයක් පෙරියමුල්ලෙන්…

0
222
IMG 20220102 070333
IMG 20220102 070300
IMG 20220102 065955
IMG 20220101 WA0185

ඊයේ ( 01 ) මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ නිවසක වි⁣ශේෂ වැඩසටහනක් පවත්වන ලදී . මේ සඳහා සහභාගීවූ පිරිස ඉතාමත් සතුටුදායක මුහුණින් යුතුව සිටින ආකාරයද පැහැදිළිව දක්නට තිබිණ .
ප්‍රදේශයේ කතෝලික පියතුමාගේ සහභාගීත්වය සහ මුස්ලිම් පූජක තුමන්ලාද සමග අවට මුස්ලිම් සහ කතෝලික ජනතා සහභාගීත්වයක්ද දක්නට තිබිණ .

පැවති සතුටුසාමීචියද සමගින් , කැවිලි පෙවිලි සහිත කෑම වේලක රස බැලීමට මේ සඳහා සහභාවූවන්ට හැකිවිය.

මෙය හුදෙක් කෑම වේලකින් සංග්‍රහ කිරීම පදනම් කරගත් සුළුවෙන් සැළකිය හැකි එකතුවක් නොවන බව ජූඩ් මහතා කතෝලික සහ මුස්ලිම් බැතිමතුන් සමග පවත්වන මෙවැනි වැඩසටහන් සඳහා මැදිහත් වන සංවිධානයක් ලෙස ” දේශීය අන්තර් ආගමික කමිටුව ” ද විශේෂයෙන් අගය කළ යුතුව ඇත .

මීගමුව ප්‍රදේශයේ කාලයක් බියෙන් සහ සැකෙන් යුතුව සිටි මුස්ලිම් ජනතාව ඉන් මුදවාගත හැකිවූයේ මෙවන් වූ සමාජ ක්‍රියාකාරීත්වයන් පදනම් කරගෙනය. පාස්කු ඉරිදා සිදුවීම නිසා සියළු දෙනාගේ සිත් සතන් බිඳවැටී අකර්මණ්‍ය වී තිබුණු අතර මේ සඳහා විසඳුමක් ලෙස මනුෂ්‍යත්වය ඃවැඩි වැඩියෙන් එන්නත් කලයුතුව තිබිණ .

(01 දා) පැවැත්වූ මෙම භෝජන සංග්‍රහයද එම අරමුණ පෙරදැරි කරගත් එකක් විය.

දේශපාලකයින් ජනතාව බෙදා වෙන්කර තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ කරන අතර එයට එරෙහිව ජනතාව එකට එකතුවී සමාජයට සාමය සහ සමාදානය ප්‍රධානය කලයුතුව ඇති බව මෙහිදී අදහස් දැක්වූ පියතුමාත්, මුස්ලිම් මව්ලවිතුමාත් පැහැදිළි කරන ලදී . අන්තර් ආගමික කමිටුව ලෙස අදහස් දක්වමින් කතාකළ ෆාතිමා මහත්මිය සහ ජූඩ් මහතා ද එම අදහස තහවුරු කරමින් කරන ලද අදහස් දැක්වීම ඉතා වැදගත් එකකි.

මෙම වැඩසටහන සඳහා සහභාගීවූවෝ….

පෙරියමුල්ල ⁣කතෝලික දේවස්ථානයේ පියතුමා , සල්මාන් මව්ලවි තුමා, අන්තර් ආගමික කමිටුව නියෝජනය කරමින් ෆාතිමා කාදර් මහත්මිය , සමාජ ක්‍රියාකාරකයෙකු වන ඉල්ලාම් කාසිම් මහතා, සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම පුරවැසි මාධ්‍යවේදියෙකු වන මුනීර් මහතා යන අය සමග අවට ප්‍රදේශවාසී සිංහල, මුස්ලිම් ජනතාව මේ සඳහා සහභාගී විය.
සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි

IMG 20220102 070129
IMG 20220101 WA0174
IMG 20220102 070058
IMG 20220102 070348
IMG 20220101 WA0182

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here