සිය බිරිදව ඝාතනය කර කැපුන්ගොඩ මුහුදට ගෙනවිත් දැම්මේ විශ්‍රාමික මේජර්ද ?

0
43

white flagහදුනාගත නොහැකි තරම් විරූපිව තිබුණ කාන්තා මළසිරුරක් ඊයේ පෙරවරුවේ කැපුන්ගොඩ වෙරළ තීරයට ගොඩගසා තිබුණි. වෙරළ පිරිසිදු කිරිමේ යෙදි  සිටි කාන්තාවක් විසින් මේ පිළිබදව දුන්ගාල්පිටිය පොලිසියට දැනුම් දි තිබුණි.
මෙම මළ සිරුර පෙර දින රාත්‍රි කාලයේදි කැබ් රථරයකින් ගෙනවිත් මුහුදට අතහැර යන අවස්ථාවේ අදාල රථය ගැන සැක සිතු ගම්වැසියෙකු විසින් එහි අංකය සටහන් කරගෙන තිබුණි.
කෙසේ වෙතත් අදාල කැබ් රථය ජාඇල නවතා තිබියදි අත්අඩංගුවට ගෙන තිබුණ අතර එහි හිමිකරු විශ්‍රාමික මේජර් වරයෙකු  බව පැවසේ.
සිය බිරිදව ඝාතනය කරන්නට ඇත්තේ ස්වාමියා වන විශ්‍රාමික මේජර් විසින්ද යන සැකය දැන් ප්‍රබල ලෙස මතුව තිබේ.