සිය සගයන්ට පහරදිමට එරෙහිව උතුරේ මාධ්‍යවේදින් මුලතිව්හිදි දැවැන්ත විරෝධතාවක ..

0
246

මුලතිව් 2මුලතිව් හි මුරිප්පු ප්‍රදේශයේ නීතිවිරෝධී දැව ජාවාරමක් ගැන වාර්තා කිරීමට ගිය මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන මාධ්‍යවේදීන් සහ යාපනය ජනමාධ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන තවසීලන් සහ කනපතිපිල්ලෛ කුමනන් යන දෙදෙනාට එරෙහිව සිදු වූ පහරදීමට එරෙහිව අද මුලතිව් හිදි දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
මුලතිව් පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිටදි විරෝධතාකරුවෝ සංකේතාත්මකව පැද අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාවයේ යෙදි තිබුණි.
මෙයට අමතරව මුලතිව් වනජිවි කාර්යාලය ඉදිරිපිටදි  සිය විරෝධය සලකුණු කරනු වස් පාර අයිනේ පැලයක් සිටිමටද විරෝධාවයට එක්ව සිටි මාධ්‍යවේදින් කටයුතු කර තිබුණි.
මෙම ප්‍රහාරය පිටුපස සිටින දැවජාවාරම් කරුවන්ට පොලිසේ ඇතැමුන්ගේ මෙන්ම වනජිවි කාර්යාලයේ ඇතැම් පිරිස්වලද සහය හිමිව ඇතැයි උතුරේ මාධ්‍යවේදිහු චෝදනා කරති
යාපනය මාධ්‍ය සමාජයේ මුලිකත්වයෙන් සංවිධානය කර තිබුන මෙම විරෝධතාවය උතුරේ සිය මාධ්‍ය කණ්ඩායම් නියෝජනය කරමින් මාධ්‍යවේදින් එක්ව සිටියහ.
ප්‍රහාරයට ලක්වු කුමනන්ගේ නාස්පුඩුවේ සිදුව ඇති බිදි යාම් වලට වැඩිදුර ප්‍රතිකාර සදහා යාපනය රෝහලටඇතුලත්ව තිබුණි.

උතුරේ මාධ්‍යවේදින් මුලතිව්හිදි දැවැන්ත උද්ඝෝෂණයක…( විඩියෝ )

මුලතිව් වනජිවි කාර්යාලය ඉදිරිපිට මාධ්‍යවේදින්ගේ විරෝධය ප්‍රකාශ කළ අයුරු ( විඩියෝ )