සිරගතවුවන්ගේ ප්‍රශ්ණයට සරත් මැදිහත් වෙයි.

0
77

නිති විරෝධි ලෙසින් ඕස්ට්‍රෙලියාවට යාමට ගොස්  අත්අඩංගුවට ගෙන සිටින ධීවරයන් සහ අනෙකුත් පිරිස්වල දුක්ගැනවිල්ල ඔවුන්ගේ ඥාතින් විසින් මීගමුව ආසන සංවිධායක සහ නියොජ්්‍ය ඇමැති  සරත් ගුණරත්ත වෙත ඉදිරිපත් කර තිෙබ්.

අධිකරණය මගින් පසුගිය දිනවල මේ ගැටළුවට මැදිව සිරගතව සිටින්නන් හට ඇප ලබාදිමට පියවර ගනිමින් තිබුනද.මීගමුවේ සහ අනෙකුත් ප්‍රදේශවල වෙරළේ හෝ දියඹ මුහුදේදි අත්අඩංගුවටපත් ධිවරයන් ඇතුළු පිරිස් මෙසේ ඇප ලබන්නට තරම් තවමත් වාසනාවන්ත වි නොමැත.

200 ආසන්න පිරිසක් මෙසේ තවදුරටත් සිරගතව සිටි.මේ ගැටළුව ජනාධිපති හමුවට ඉදිරිපත් කරන්නට ඇමති සරත් ගුණරත්න මහතා ඔහු හමුවිමට ඊයේ දිනයේ පැමිණ සිට සිරගතව සිටින පවුල්වල ඥාාතින්ට හට පෙරොන්දු වි ඇති බව වාර්ථාවේ.