සිරස මාධ්‍යවේදියාට කටුවපිටිය දෙව්මැදුරේ පළමු මෙහෙය ආවරණය කිරිමට ඉඩනොදුන්නේ ඇයි ?

0
173

IMG-20190509-WA0018වසර 22 තිස්සේ මිගමුව තුල ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදියෙකු වු ( ප්‍රධාන ප්‍රවාහයට පුවත් සපයන එවැනි ප්‍රතිපත්තිගරුක මාධ්‍යවේදින් මිගමුවේ නැති තරම්ය)එම්. එසෙඩ් සහජාන් වෙනදා මෙන්ම අදත් මිගමුවේ කටුවාපිටිය දේවස්ථානයට ගියේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසුව පැවැති පළමු දේව මෙහෙය ආවරණය කිරිම සදහා සිරස මාධ්‍ය ජාලයෙන් ඔහු වෙත කර තිබුණ දැනුම් දිමකට අනුවය.
එහෙත් ඔහු එහි ගොස් ගතව තිබුණේ සුළු වේලාවකි. දේවමෙහෙයට පැමිණ සිටි ඇතැම් පියතුමන්ලාද ඔහු දෙස උකුස ඇසින් බලනු දැකිය හැකි විය.
පසුව පොලිස් නිලධාරියෙකුද පැමිණ ඔහුගේ බෑගයද මාධ්‍ය හැදුනුම්පතද මහත් ඕනැවෙන් යුතුව පරික්ෂා කර තිබුණි.
ඉන්අනතුරුව ඔහුට අඩගසා තිබුනේ උසස් නිලයක් දරනවා යැයි සිතිය හැකි පොලිස් සේවයේ අයෙකි.
එහිදි ඔහු වෙත පවසා තිබුනේ මෙතන සිටිම සුදුසු නැති නිසා මාධ්‍ය ආවරණ කටයුතු නොකර එතනින් ඉවත්ව යන ලෙසය.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයත් සමගින් දින ගණනාවක් පුරා නොකා නොබි සිය මාධ්‍ය මෙහෙවර ඉටුකළ සහජාන් යනු වසර 22 ක කාලයක් පුරාවට මාධ්‍ය වෘත්තිය නියැලුන අයෙකි.
සිරස ඇතුළුව මාධ්‍ය ගණනාවක් සමගින් කටයුතු කරන සහජාන් මහතාගේ පුවතක් පළවු නොවු දිනයක් නැති තරම්ය. ඔහු ඒ තරම්ම කාර්යක්ෂමය.
මිගමුව පොලිසි වල මෙන්ම රෝහලේද ඔහු ගැන දන්නේ ප්‍රතිපත්ති ගරුක මාධ්‍යකරුවෙකු ලෙසිනි.
මේ සියල්ල මෙසේ වෙද්දි කටුවාපිටිය පල්ලිය භුමියේ සිටි ඇතැම් පියතුමන්ලා සහ ඇතැම් පොලිස් නිළධාරින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින නිකුත් කරන ලද නිත්‍යාණුකුල හැදුනුම්පතක් දරා සිටින මාධ්‍යවේදියෙකුව මෙසේ ඉවත් කිරිම ඉතාමත් අශිෂ්ඨ කරුණකි.
එම් . ඉසෙඩ් සහජාන්ට පල්ලියේ ආවරණ කටයුතු නොකර යන්නට යැයි කියන්නට තිබිය හැක්කේ එකම හේතුවකි.
එනම් ඔහු මුස්ලිම් විමය.
කාර්නල්හිමියන් විසින් දවස ගානේ දේශනා කරන මුස්ලිම් සහෝදරත්වයට පස්සා පැත්ත හැරවු ගරු පියවරුන් කව්දරුන් දැයි අප නොදනිමු..
එහෙත් අප සැබැවින්ම ඔවුන් ගැන ලැජ්ජාවෙමු .
කවරුන් කළද ඒ් අය  ප්‍රැන්සිස් පාප්තුමන්ගේ දරුවන් නම් විය නොහැකිය.
එපමණක් නොව දැන් මාධ්‍ය හමුවලදි අපට කාර්නදිල්හිමිගෙන් ඇසිමට ප්‍රශ්ණයක් ඉතිරිව තිබේ.
එනම් ඔහු ඔය පෙනි සිටින ආගම් අතර සහෝදරත්වය ජාතින් අතර සහෝරත්වය තුල ඔබගේ ගරු පියවරුන් කිදෙනකු සිටිනවාද කියාය.
ජනාධිපතිතුමාද දේශනා කරන්නේ මුස්ලිම් ජනයා අන්තවාදින් දෙසට තල්ලු කරන ආකාරයේ කිසිදු කටයුත්තක නිරත නොවන ලෙසය.
එහෙත් ඒ සේනාධිනායකයාගේ  ප්‍රතිපත්තිවලට ගරු නොකරන පොලිස් නිළ දරුවන් අද මේ සිද්ධියට සම්බන්ධ බව අපට දැන් රහසක් නොවේ.
එපමණක් නොව මාධ්‍යවෙිදින් යැයි කියාගන්නා කුලිකරුවන් පිරිසක්ද මිගමුවේ වන බව අප දැන සිටියේ අද ඊයේක නොවේ.
ඒ කුලිකරුවන්ගේන එකෙකුද මේ අශෝභන කටයුත්තට හවුල් යැයි අප ඉතා හොදින් දනිමු.
අප ඒ සියළු දෙනා ගැන ඉදිරියේදි හෙළිකරන්නෙමු.

කාර්දිනල්හිමි මුස්ලිම් ප්‍රජාව හමුවට ගිය මුළ ගමනම වාර්තා කළ එකම දමිල මාධ්‍යවෙිදියා වුයේද සහජාන්ය