සිරියානු ළමුන්ට මාරාන්තික වසරක්

0
227

සිරියානු යුද්ධයට මැදිවී සිටින ළමුන්ට 2016 වසර, මෙතෙක් වාර්තාවූ මාරාන්තික ම වසර බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

2016 වසර තුළ පමණක් වයස අවුරුදු 18ට අඩු ළමුන් 650කට අධික පිරිසක් සිරියානු යුද්ධය හේතුවෙන් මරණයට පත්වී ඇති බව යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ.

ඉන් වැඩි ළමුන් පිරිසක් මරණයට පත්වී ඇත්තේ ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලට හසු වීමෙනි.

syria
සිරියානු යුද්ධයෙන් වැඩිම් ළමුන් පිරිසක් මියගෙස් ඇත්තේ 2016 වසරේදීය.

වළක්වා ගැනීමට හැකිව තිබූ රෝගවලට ගොදුරුවීම හේතුවෙන් සිය ගණනක් වූ ඉතිරි ළමුන් පිරිස මරණයට පත්වී ඇති බව යුනිසෙෆ් ආයතනය පවසයි.

මීට අමතරව ළමුන් 850 දෙනෙකු පමණ ළමා සොල්දාදුවන් ලෙස කටයුතු කරන බවට විශ්වාස කෙරෙතැයි එම නිවේදනයේ දැක්වේ.

යුනිසෙෆ් ආයතනය සඳහන් කරන පරිදි 2016 වසර තුළ පමණක් යුද්ධය හේතුවෙන් මිය ගිය ළමුන්ගෙන් 255 දෙනෙකු මිය ගොස් ඇත්තේ පාසල් තුළ හෝ ඒ අවට සිටියදී ය.

සිරියානු දරුවන් මිලියන 6ක් පමණ ජීවත් වන්නේ සරණාගත කදවුරු තුලය
සිරියානු දරුවන් මිලියන 6ක් පමණ ජීවත් වන්නේ සරණාගත කදවුරු තුලය

සිරියානු යුද්ධයට මැදිවී 2015 වසර තුළදී මියගිය ළමුන්ගේ සංඛ්‍යාව හා සසඳන කළ 2016 වසරේදී එම සංඛ්‍යාව සියයට විස්සක ඉහළ යාමකි.

කෙසේ නමුත් මෙම සංඛ්‍යා ලේඛන නිකුත්කර ඇත්තේ නිළ වශයෙන් සනාථකර ඇති මරණ සංඛ්‍යාව පමණක් පදනම්කර ගනිමිනි.

එම නිසා සත්‍ය මරණ සංඛ්‍යාව මීට වඩා ඉතා ඉහළ අගයක් ගතහැකි බව ද යුනිසෙෆ් ආයතනය පවසයි.

syria2

උපුටාගැනීම – http://www.bbc.com