සිරියාවේ ගැටුම් වාර්තාකරණයේ යෙදී සිටි පුරවැසි මාධ්‍යකරුවෙකු මිය යයි

0
69

Omar-14-years
මැයි 21 වනදා සිරියාවේ  යුද ගැටුම්පවතින ප්‍රදේශයක් වන දාරා අල් බැලඩ් නම් ප්‍රදේශයේදී ඔමාර් ක්ටිෆාන් නම් 14 හැවිරිදි දරුවෙකු  මිය ගොස් ඇත. ඔහු මියගොස් තිබෙන්නේ  සිරියානු හමුදාව සහ නිදහස් කැරලිකරුවන් අතර  සිදුවූ ගැටුමක්  වාර්තා කරමින් සිටින අතරතුරදී බව ආරංචි මාර්ග   වල සදහන් වේ.  පුරවැසි මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන  ඔහු  ගේ මරණය පිළිබදව සිරියන් ප්‍රවෘත්ති බ්ලොග් අඩවියක් වන ‘Syrian Documents  විසින් තහවුරු කර සිටින අතර ‘  යල්ලා සිරියා ‘  බ්ලොග් අඩවියෙහි  ඔහුට ආමන්ත්‍රණය කර ඇත්තේ ‘ සිරියාවේ ආශිර්වාදය”  ලෙසයි.
සිරියාවේ  සිදුුවෙමින් ඇති යුද ගැටුම් හේතුවෙන් විශෘල ගණනක් සාමන්‍ය ජනතාව  මියගොස් ඇති අතර සිරියන්් දරුවන් 4355ක් මියගොස් ඇති බවද මාධ්‍ය වාර්තා කරයි. විශාල ගණනකට තුවාල සිදුවම් හා නොයෙක් හිරිහැරයන්ට ලක්වී ඇති බවත් තවත් බොහෝ දෙනෙකු  අත්අඩංගුවට  ගෙන ඇති බවත් වාර්තාවේ. මෙම ගැටුම්කාරී  තත්ත්වය නිසා  පුරවැසිි   මාධ්‍යකරුවන්ගේ බිහිවීම  වැඩිවෙමින් ඇති අතර  දෙපාර්ශවය අතරේ සිදුවන යුද ගැටුම්  යුද බිමේ සිටම වාර්තා කිරීම් සිදුවේ.  මේ හේතුවෙන් දරුවන් හට තම ජීවිත වලින් විශාල වන්දියක් ගෙවීමට සිදුවී ඇති බව  ද බ්ලොග්කරුවන් පවසති.  ඔමාර් ක්ටිෆාන්  තවමත් 14 වියැති සුන්දර පිරිමි දරුවෙකු වුවත් ඔහු  තම මව්බිමේ සිදුවන විපත  වාරතා කළ පුරවැසි  මාධ්‍යකරුවෙකි.

 

උපුටා  ගැනීම – Global Voice -(සිරියන් බ්ලොග්කරුවෙකු වන රාමි අල්හමේස් ගේ  බ්ලොග් අඩවියෙනි. )
http://globalvoicesonline.org/author/rami-alhames/