සිලාවතුර ඉඩම් අහිමියන්ගේ අරගලයට දින 50යි.

0
98

land issue 10

අදදින  මීගමුව  බස්නැවතුම්පල  ඉදිරිපිටදී  මන්නාරම  සිලාවතුර  ප්‍රදේශයේ  ඉඩම්  අහිමි  ජනතාවගේ  ඉඩම්  ප්‍රශ්ණය  වෙනුවෙන්  උද්ගෝෂණයක් පැවැත්වින.  පරම්පරා  ගනනාවක්  තිස්සේ තමන්    පදිංචිව  සිටි  අක්කර  36ක භූමි  භාගයක්    යුද්ධයේ  ප්‍රතිඵලයක්  ලෙස  මේවනවිට   ඔවුන්ට  අහිමිවී  ඇත.    ගම්බිම්  අහිමිවී  ගිය  මෙම  ජනතාව  නැවත  තම  අයිතිය  ලබාගැනීම  උදෙසා  සංවිධානයවී  කරන  අරගලයට   දින  50ක්ද  ගෙවී  ඇත.   මේ  සම්බන්ධව  සිලාවතුර  ජනතාව  සමඟ  කටයුතු  කරන  ජාතික ධීවර  සහයෝගිතා  කේන්ද්‍රයේ  කැඳවුම්කරුවන  හර්මන්  කුමාර  මහතා  ප්‍රකාශකළේ   මේ  සම්බන්ධව  අවස්ථා  ගනනාවකදී  රජය  සහ  හමුදාව  සමඟ  සාකච්ඡා  කළ  නමුත්    ඔවුන්  ඉදිරිපත්  කරන   තර්කය  වී   ඇත්තේ  රටේ  ආරක්ෂාව   පිළිබඳ  ප්‍රශ්ණයක්  නිසා  මෙම  ඉඩම්  නැවත  ලබාදිය  නොහැකි  බවය.   නමුත්   ජනතාගේ  පැත්තෙන්  නැවත  මතුකරන තර්කය    වන්නේ  වයඹ  මුල්ලිකුලම  ප්‍රදේශයේ  හමුදා මූලස්ථානය  තිබියදී  මෙවැනි  විශාල  ඉඩම්  ප්‍රමාණයක්  මේ  සඳහා   තබාගැනීම  සාධාරණ  නොවන  බවය.

සිලාවතුර  ඉඩම්  අරගලය  සංවිධානය  කරන  එහි  නායකයා වූ  රහිම්  මහතා  ප්‍රකාශ කරන්නේ  රජයේ  ඉඩම්  වෙරළ  තීරයේ  ඕනෑතරම්  තිබෙන  බැවින්  ඔවුන්  පරම්පරානුගතව  ජීවත්වූ  ඉඩම්  නැවත  ඔවුන්ට  ලබාදෙන  ලෙස  කරන  ඉල්ලීම  සාධාරණ බවයි.  එසේම  මෙම  අරගලයේදී  ගම්  32ක  ජනයා  සංවිධානය වී  ඇති බවත්  මේ  සඳහා   පල්ලියේ  සහයෝගයත්,  ග්‍රාමීය  ආර්ථික  සංවිධානයේ  සහායත්  ලැබෙන බවත්  ඔහු  සඳහන්  කරයි.

එබැවින්  සිලාවතුර  ජනතාව  සංවිධානයවී  දින  50ක්  තිස්සේ  අඛන්ඩව  දියත්කරන  මෙම  උද්ගෝෂණය  සඳහා  දකුණේ  ජනතාව වශයෙන්  ඊට  සහාය දැක්වීමක්  ලෙස  සංකේතාත්මකව   අදදින  මෙම  උද්ගෝෂණය  මීගමුව  බස්නැවතුම්පල  ඉදිරිපිට  සූදානම්  කළ  බව  හර්මන්  කුමාර  මහතා  පැවසීය.