සිවරාම් ඇතුළු දමිල මාධ්‍යවේදින් 41 දෙනෙකුගේ පරික්ෂණ යහපාලනයට අමතකද…?

0
104

vigee

මහින්ද රාජපක්ෂගේ මිනිමරු රෙජිමය විසින් බිලිගත් ජේෂ්ඨ මාධ්‍යවේදි ධර්මරත්න සිවරාම් හෙවත් තාරකි සැමරුම

මෙවර පැවැත්වුණේ කිලිනොච්චිය නගරයේදීය.
ඒ උතුරු මහඇමති සී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙනි.
10 වන සිවරාම් සැමරුම ඔහුගේ ගම වු මඩකලපුවේදිත්,11 වන සැමරුම යාපනයේදි පැවත්වුණ

අතර යාපනය මාධ්‍ය සමාජය විසින් මෙවර සැමරුම 2017 අප්‍රේල් 29 වන දා සවස 3 ට කිලිනොච්චියේ භාරති ස්ටාර් ශාලාවේදි සංවිධානය කොට තිබුණි.උතුරේ ජේෂ්ඨ දේශපාලකයන් රැසක්ම මේ අවස්ථාවට එක්ව සිටියහ.
මෙම සැමරුම් රැස්විම තුලදි රජපක්ෂ පාලන සමය තුල ඝාතනයට ලක්ව ඇති සිවරාම් ඇතුළු මාධ්‍යවේදින් 41 ක් පිළිබදව කිසිදු පරික්ෂණයක් මේ දක්වා සිදුව නොතිබිම ගැන ප්‍රධාන අවධානයක් යොමුව තිබුණි.
මේ අවස්ථාවට දකුණේ  මාධ්‍යවේදින් පිරිසක්ද එක්විය.

Edit

Save