සිවරාම් ඝාතනය කර වසර 20 ක් ! ඝාතනයන් නිදැල්ලේ ?

0
20

ඝතනයට ලක්වූ මාධ්‍යවේදී තාරකී ධර්මරත්නම් සිවරාම් 20 වෙනි ගුණානුස්මරණය අද (28) පෙරවරුවේ යාපනයේදී පැවැත්විය.
යාපනයේ මාධ්‍ය සමාජයේ පැවැති මාධ්‍ය හමුවකින් පසුව යාපනය සුබ්‍රමනියම් උද්‍යානයේ ඉදිකර තිබෙන තිබෙන මාධ්‍ය නිදහස් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ මාධ්‍යවේදීන් සිහිකිරීම උදෙසා වූ ස්මාරකය අසලදී එම සැමරුම සංවිධානය කර තිබුණි.

මෙම සැමරුමට සමගාමීව පසුගිය පාලනයන් සමයේ ඝාතනයට ලක්වූ,අතුරුදහන් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් විරෝධයක් ද පැවැත්විය.

යාපනය මාධ්‍ය සමාජය සහ උතුරු,නැගෙනහිර,දකුණේ මාධ්‍ය සංවිධාන විසින් මෙම සැමරුම සංවිධානය කරන ලදී.1000100519 1024x682 11000100531 1024x682 1 1000100549 1024x682 1 100010055510001005851000100669 1024x699 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here