සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව සජිත් පිළට !

0
72
aithiyaඑජාප ජනපති අපෙක්ෂකයා පිළිබද ප්‍රශ්ණය මේ දිනවල දේශපාලන සමාජය නිරන්තරයෙන්ම උණුසුම් කරමින් තිබේ.
ඒ එජාපයේ ජනපති අපෙක්ෂකයා කව්ද යන කරුණ අරභයාය.
මේ අතර රනිල් පිළ මෙන්ම සජිත් පිළද සිවිල් සමාජ සංවිධානවල සහය තමන් වෙත ලබාගැනිම අරමුණු කොට ගෙන දැනටමත් සාකච්ජාවන් පවත්වා තිබේ.
මේ අවසන් සාකච්ජාව පැවැතියේ සජිත් පිළේ මුලිකත්වයෙනි.
ඒ ඇමති මංගල සමරවීර මහතාගේ නිළ නිවසේදිය.
මේ සාකච්ජාවේදි සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව විසින් ඉදිරිපත් කරන්නට යෙදුන යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් සජිත් පිළ විසින් දක්වා ඇතැයි අයිතිය (aithiya.lk) වෙබ් අඩවිය සටහනක් තබමින් ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව එජාපෙ ජනපති අපෙක්ෂකයා සජිත් විය යුුතු යැයි ඔවුන් නිගමනය කොට ඇති සෙයකි.
එහි මෙසේද සදහන්ය.
දිගින් දිගටම පැවති සාකච්ඡාවලින් පසුව දෙපාර්ශවයේම එකගත්වය මත සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසත්, රනිල් වික‍්‍රමසිංහ මහතා එලෙඹෙන රජයේ අගමැතිවරයා මෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා ලෙස පත්කිරීමට සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතු විසින් ඊයේ (19) කළ යෝජනාව සදහා දෙපාර්ශවයේම එකගත්වය මේ වන විට ලැබී තිබේ.

එම යෝජනාව අනුව ඉදිරි දිනවල දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නම එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කිරීමට නියමිතය.
මෙම යෝ්ජනාවට අමතරව විධායක ජනාධිපතිධුරය අහෝසි කෙරෙන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිශ්චිත කාල සීමාවක් තුළ ගෙන ඒමත් සම්බන්ධව සාකච්ඡාවත් මේ වන විට ආරම්භ වී තිබේ. එම යෝජනාවන් සම්බන්ධව එකගත්වයට පැමිණි වහාම එජාප කෘත්‍යාධිකාර මණ්ඩලය රැස්වී ඉහත සියලූ යෝජනා සම්මත කිරීමට නියමිතය.එජාප කෘත්‍යාධිකරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ ගොඩනැගීමේ කටයුතු සිදු කිරීමට නියමිත අතර එහි ලේකම් ධුරය ඇතුලූ අනෙකුත් නිලධාරීන් මණ්ඩලය පත්කිරීම පිළිබද සාකච්ඡාවන් අද සවස පැවති අතර, එම පෙරමුණේ ලේකම්ධුරය සදහා රාජිත සේනාරත්න මහතාගේ නම යෝජනා වීමට බොහෝ ඉඩ ඇති බවට දේශපාලණ ආරංචි මාර්ග සදහන් කරයි..
මේ අතර සජිත් පිළ හා පැවැති සිවිල් සංවිධාන සාකච්ජාවට එක්ව සිටි අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා එහිදි ප්‍රකාශ කොට තිබුනේ සජිත්ට කොහොමටවත් හා කියන්නට නම් බැරි බවය.
මේ සංවාදය පිළිබදව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් තබා තිබුනේ මෙවන් සටහනකි.

.බ්‍රිටෝ සජිත්ගේ මුහුණටම බෑ කියයි..
—————————–
මෙහිදී අදහස් දැක්වූ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ සජිත් ප්‍රේමදාස මහතා කිසි දිනක සිවිල් සමාජ සංවිධානවල මිතුරෙකු නොවූ බවයි. සිවිල් සමාජය විසින් ගෙන ගිය කිසිදු අරගලයක්, වැඩපිළිවෙළක් සමග කිසිදා එක් ‌නොවූ සජිත් ‌ප්‍රේමදාස පිළිබඳව විශ්වාස කොට ඔහු අපේක්ෂකයා වශයෙන් පිළිගැනීම තමන්ට කළ නොහැකි බව ඔහු සජිත් ප්‍රේමදාසගේ මුහුණටම ප්‍රකාශ ‌කෙළේය.

එදා ‌මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරද්දී ඔහුද කිසිදු ජනතා අරගලයකට සහාය ‌නොදුන් අයෙකු වුවද රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමග එකට පාරේ බැස අරගල කළ පුද්ගලයෙකු වූ නිසා සිරිසේන මහතාට සහාය පළ කළ නමුත් ඉන් දැන් අත්දැකීමක් ලබා ඇති බව බ්‍රිටෝ කීවේ ය.

හම්බන්තොට රැස්වීමත් සජිත් කඩාකප්පල් කළා..
—————————–
අඩුම ගණනේ පසුගිය ජනාධිපතිවරණයේ දී හම්බන්තොට පැවැති සිවිල් සංවිධාන රැස්වීම පවා සජිත් ‌ප්‍රේමදාස මහතා විසින් කඩා කප්පල් කළ බව බ්‍රිටෝ පැවසූ විට මංගල ඊට හරස් විය. එවැන්නක් සිදුවූයේ නැතැයි කීවේ ය. එවිට පිලිප් දිසානායක කීවේ එකී රැස්වීමට ස්ථානය ‌වෙන් කළේ තමා බවත් මනෝ ‌ගනේෂන් ලා සහභාගී වන රැස්වීම් හම්බන්තොට පැවැත්වීමට විරෝධය පළ කරමින් ඒ රැස්වීම කඩා කප්පල් ‌කෙළේ ‌ප්‍රේමදාස මහතා බවයි. පිලිප්ගේ කතා‌වෙන් පසු මංගල සජිත් ‌දෙපොළම නිහඬ වූහ.