සිසිලිය රනින් බැබලු රෙහාන් !

0
157

රෙහාන් 1ඉතාලියේ 16 න් පහල ජාතික මලලක්‍රීඩා උත්සවය සදහා  හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් සිසිලිය නියෝජනය කරමින් සිසිලි ප්‍රාන්තයේ ප්‍රථමයා වූ   රෙහාන් මාරියෝ සිසුවා පළාත් අතර පැවැත්වෙන තරගයටද   ඉදිරිපත් වීමට නියමිතය.
ඉතාලියේ  ෆොර්ලී  හී මෙම තරගාවලිය පැවැත්වේ.   විවිධ පලාත් මට්ටමින් තරගවදින  මෙම තරගාවලියට සිසිලි පලාත  කරමින් ඉදිරිපත් වන රෙහාන්  සිසිලි දූපතේ   මෙස්සීනා නගරයෙ ජීවත්වෙයි.

 මීට දින කිහිපයකට පෙර හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන්  සිසිලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට රෙහාන් සමත් විය. මෙම ජයග්‍රහණය ගැන   මෙස්සීනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීකයන්ගේ එකම සුභපැතුම් රෙහාන් වෙත පිරිනැමේ..
සටහන සහ ඡායා- ඩිල්ෂාන් තිසේරා